දිස්ත්‍රික්ක හතකට  නායයෑම් අනතුරු අඟවයි

108

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක හතකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ජාතික  ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මගින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

 ඒ අනුව ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට මෙම නායයෑම් අනතුරු ඇඟවීම් බලපැවැත්වෙයි.

 නායයෑම් අනතුරු සහිත ප්‍රදේශවල සිටින ජනතාව කාලගුණ තත්ත්වය පිළිබඳව සැලකිල්ලට ගෙන විමසිල්ලෙන් පසුවන ලෙස ද එම ආයතනය සඳහන් කරයි.

 නිරිතදිග මෝසම් තත්ත්වයේ සක්‍රීයවීමක් ඊයේ (01 දා) සිට බලාපොරොත්තු වන බව ද කාලගුණ විiා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 එබැවින් ඊයේ (01 දා) සිට පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ. කි. මී. 60 – 70 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.

 පුත්තලම සිට මන්නාරම හරහා කන්කනස්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ. කි. මී. 50 – 60 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

 පුත්තලම සිට ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ (උස මීටර් 2.5 – 3.5 ක් පමණ) ඉහළයෑමේ හැකියාවක් ද පවතී. එබැවින් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස දැනුම් දෙන බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment