දිස්ත්‍රික්ක 5ක සියලු පාසල් හා හෝමාගම,ගම්පහ,කඩුවෙල,කැලණිය පාසල් අදත් වැසේ

4

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අද (04දා) දිනය තුළ දිස්ත්‍රික්ක 05ක සියලු පාසල් සහ කොළඹ එක් කලාපයක පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, කළුතර යන දිස්ත්‍රික්කවල සියලුම පාසල් සහ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ පාසල් ද, ගම්පහ, කඩුවෙල,කැලණිය පාසල් ද අදත් වසා තැබේ. මෙම පාසල් හැර අනෙකුත් දිස්ත්‍රික්කවල සහ කොළඹ අනෙකුත් කලාපවල පාසල් අද විවෘත වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. වසා තැබෙන දිස්ත්‍රික්කවල පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අද බලධාරීන් විසින් කලාප අධ්‍යක්‍ෂවරුන් දැනුවත් කර තීරණයක් ගන්නා බවද එම අමාත්‍යාංශය තවදුරටත් කියා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment