දිස්ත්‍රික්ක 7ක අයහපත් කාලගුණයෙන් 1872 ක් පීඩාවට

85

අදින් පසු වැසි අඩුවෙයි

දිස්ත්‍රික්ක 07 කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එක් පුද්ගලයකු අතුරුදන් වී පවුල් 428 කට අයත් පුද්ගලයන් 1872 ක් පීඩාවට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ඊයේ (15 දා) වන විට වාර්තා වී ඇත. අද (16 දා) සිට වර්ෂාපතනයේ අඩුවක් වන බව ද කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.

ආපදාවට ලක්ව ඇත්තේ ත්‍රිකුණාමලය, රත්නපුර, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල, හම්බන්තොට, මාතර හා ගම්පහ යන දිස්ත්‍රික්කවල ජනතාව වෙති. වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ දකුණු පළාතෙනි. එම පිරිස පවුල් 393 කට අයත් පුද්ගලයන් 1745 කි. 07 දෙනකු තුවලා ලබා ඇති අතර නිවාස 40 කට අර්ධ හානි වී ඇතැයි එම මධ්‍යස්ථානය පවසයි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මොරවක අධ්‍යාපන කලාපයට අයත් පාසල් කිහිපයක් ඊයේ වසා දැමිමට කටයුතු කර තිබුණි. මාතර දිස්ත්‍රික්කයට බලපා තිබූ අධික වර්ෂාවත් සමඟ ඊයේ (15 දා) උදෑසන වන විට නිල්වලා ගඟ හා කිරමආර ගඟ පිටාර ගැලීම නිසා මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා ගමනාගමනය ඇනහිට තිබුණි. එම ප්‍රදේශවලට මිලිමීටර 200 ක පමණ වර්ෂාපතනයක් ලැබී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

‘මෝඛා’ සුළි කුණාටුව හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැවත දැනුම් දෙන තුරු ධීවර කටයුතුවල නිරත නොවන ලෙස දැනුම් දී තිබුණි. එම සුළි කුණාටුව ඊයේ වන විට පීඩන අවපාතයක් සහ අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇති බව ද කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි. මෙම සුළි කුණාටුව ගිණිකොන බංගලිදේශය හා මියන්මාර වෙරළ ආසන්නයෙන් ඊයේ ගොඩබිමට ඇතුළු වී තිබිණි.

මේ අතර තවදුරටත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පෙරේදා (14 දා) දිනයේදී ගාල්ල – මාතර ප්‍රදේශවලට සැලකියයුතු වර්ෂාපතනයක් ලැබී තිබුණත් ඊයේ වර්ෂාව ලැබීමේ අඩුවක් පැවැති අතර ඉදිරි දිනවලත් වැසි අඩුවන බව කාර්යයේ නියුතු කාලගුණ විiාඥ ශිරෝමනී ජයවර්ධන මහත්මිය පැවසුවාය.
චමින්ද සිල්වා, ප්‍රදීප් සමරකෝන්, අහංගම – සුගතපාල දියගහගේ, ලලිත් චමින්ද, ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment