දීගය තවම තීන්දු නෑ – රංගෙ බණ්ඩාර කියයි

112

එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සමග මැතිවරණවල දී එකට තරග කිරීමට මේ වනතෙක් පොදු එකඟතාවයකට පැමිණ නැතැයි එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්‍ෂය සමග එක්ව මැතිවරණයට ඉදිරිපත්වන බව පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පසුගිය දිනක ප්‍රකාශයක් කර තිබුණත් එවැනි එකඟතාවයකට පැමිණ නැතැයි ද සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් රංගෙ බණ්ඩාර මහතා පැවසීය.

ජනාධිපතිවරයා ඊට ගොඩනඟන්න අවශ්‍ය ඕනෑම කෙනෙක් එක්ක එකතුවී කටයුතු කිරීමට එකඟ බවත් මහලේකම්වරයා කීය. අරගලයට වුණත් සම්බන්ධ වූ බොහෝ පිරිස් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කළ බවත් ඇතැම් දේශපාලන පක්‍ෂවලින් බලපෑම් එල්ලවීමෙන් පසු ඔවුන් ප්‍රචණ්ඩ වූ බවත් මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment