දීපාවලි රාත්‍රිය දා – දීපාවලී රෑ එළියට

232

දෙසැම්බරයේ තට්ටේ ගානවා….

මේ දවස්වල බොහෝ තරුණියන්ගේ ක්‍රෂ් එක ඔහු කිව්වොත් නිවැරදියි. නමින් දර්ශන් තවරාජා වන ඔහු උපතින්ම දමිළ ජාතිකයෙක්. ලංකාවේ තරුණියන්ගේ ආකර්ෂණය දිනාගත් දර්ශන් පසුගිය දීපවාලි දින ‘දීපාවලි රෑ. කියලා ඔහුගේම ගීතයක් එළිදැක්වූවා. ඒ වගේම එළැඹෙන සීතල උඳුවප් මහේ දර්ශන් තමන්ගේ පෙනුමත් වෙනස් කරන්නයි හිතාගෙන ඉන්නේ. ඔන්න ඒ ආරංචිය ගැන වගේම දර්ශන්ගේ අලුත් ආරංචි ගොඩක් අපි ඔයාලට කියන්න දර්ශන් තවරාජාට මේ ඉඩකඩ වෙන් කළා.

දීපාවලි රාත්‍රිය දා - දීපාවලී රෑ එළියට

● දර්ශන් මේ දිනවල තරුණියන්ගේ ක්‍රෂ් එකක් වෙලා නේද?

ඒක ගැන ඇත්තටම සන්තෝෂයි. ඒ වගේ තැනක් මට මගේ රටේ මිනිසුන්ගෙන් ලැබෙන්න තරම් මම වාසනාවන්තයි.

● දමිළ තරුණ තරුණියන්ට වඩා සිංහල තරුණ තරුණියෝ නේද ඔබට වශීවෙලා ඉන්නේ?

ඔව්. මටත් ඒ වගේ තැනක් හිමිවීම ගැන සතුටුයි. මම තවම මහ ලොකුවට දේවල් කරලා නැහැ. අනෙක් අය කරපු තරම් දේවල් මම කරලත් නැහැ. අනික මම කරලා තියෙන්නේ මියුසික් වීඩියෝ. ඒ වගේම සමාජ මාධ්‍යවලත් ඉන්නවා. තව මම පේන්ටින් කරනවා. ඒ වගේ වෙලාවක තමයි මට මේ වගේ තැනක් හම්බ වුණේ.

● දර්ශන් හොඳ චිත්‍ර ශිල්පියෙක්?

පුංචි කාලේ ඉඳලා මට චිත්‍ර අඳින්න පුළුවන් හින්දා කොහොම හරි පෝට්රේට් අඳින්න පුරුදු වුණා. මම ඉස්කෝලෙන් ඉවත් වුණාට පස්සේ රැකියාවක් තිබුණේ නැහැ. මොකද මම ඉගෙන ගන්න දක්ෂ නැහැ. මම පේන්ටින් පැත්තට තමයි ගොඩක් ආශාවෙන් හිටියේ. උසස් පෙළ අවසන් වුණාට පස්සේ මම ෆේස්බුක් පේජ් එකක් හදාගෙන ඒකේ මම අඳින චිත්‍ර දාලා ඒක කරගෙන ගියා.

දීපාවලි රාත්‍රිය දා - දීපාවලී රෑ එළියට

● ඔබ ගොඩක් ජනප්‍රිය වෙන්නේ රයිනිගේ කළුවරට හිත බය හින්දා ගීතයෙන්?

ඇත්තටම මම ගීතය භාරගන්න කොට හිතුවේ නැහැ මම මේ තරම් ජනප්‍රිය වෙයි කියලා. මොකද මම අවුරුදු අටක් විතර මාධ්‍ය ක්‍ෂේත්‍රයේ සේවය කළේ. රස්සාවෙන් ඉවත් වෙලා තමයි රඟපාන්න ආවේ. ශක්ති ටීවී එකේ අවුරුදු අටක් නිවේදකයෙක් විදිහට වැඩ කළා. අන්තිමේ මම රස්සාවෙන් ඉවත් වෙලා මාසයක් විතර ගෙදර හිටියා. ඇත්තටම මම රස්සාවෙන් ඉවත් වෙලා ආවේ දෙරණ නාලිකාවේ විකාශනය වුණු හිතුවක්කාර කියන ටෙලිනාට්‍යයේ රඟපාන්න.

● අපි දන්න විදිහට ඔබට ලොකුවට සිංහල කතාබහ කරන්නත් අමාරුයි?

ඔව්. තවමත් ඒ ප්‍රශ්නය තියෙනවා. තිළිණ බොරලැස්ස කියන අධ්‍යක්ෂවරයා තමයි මට ගොඩක් උදව් කළේ. දැන් මට සිංහල ලියන්න පුළුවන්. කියවන්න පුළුවන් වගේම සාමාන්‍ය විදිහට කතා කරන්නත් පුළුවන්.

● සිනමාවට අලුත් ආරාධනා ලැබුණද?

ඇත්තටම ආරාධනා ලැබුණා. මේ දවස්වල මම ඉන්දියාවට ගිහිල්ලා රංගන පාසලක් සමග ගිවිසුමක් අත්සන් කරලා යමක් කරන්නයි හිතාගෙන හිටියේ. ඒ හින්ද මම ලංකාවේ අලුත් වැඩ භාරගන්නෙ නැතිවයි හිටියේ. දැන් මම ඒ අදහස අත්හැරපු හින්දා අලුත් වැඩ භාරගන්නවා.

● දීපාවලි දිනය දා ඔබේම ගීතයක් එළිදැක්වූවා නේද?

ගිය වසරේ දීපවාලි දිනය දාත් එහෙමයි. ඒ පාර තමයි කළුවරට හිත බය හින්දා ගීතය එළිදැක්වූයේ. ඒකෙන් තමයි මගේ ලයිෆ් එක රීස්ටාර්ට් වුණේ. මේ දීපවාලිත් ඒ වගේමයි. මේ පාර වෙන රීස්ටාර්ට් එකක් සිද්ධ වෙනවා. මෙදා පාර මම සින්දු කියනවා.

● දීපාවලි රෑ ගැන කතා කළොත්?

මේ ගීතය නිෂ්පදානය කළේ ටොරානා ඩිජිටල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයෙන්. දීපවාලි රෑ ගීතයේ පද රචනාව නිලාර් එන්. කාසිම්ගේ. ගීතයේ රූප රචනාව අධ්‍යක්ෂණය සිදු කළේ එවාන් රාජමන්ත්‍රී. කොරියෝ ග්‍රැෆි අවිශ්ක කලණ” ෆනී ති්‍යාගරාජාගේ තමයි සංගීතය. මාත් එක්ක ගායනයෙන් අයෙෂ්මා තත්සරණි දායක වෙනවා. මේ ගීතයෙන් කියැවෙන්නේ දමිළ තරුණයෙක් සහ සිංහල තරුණියක් අතර සම්බන්ධතාවක් පටන් ගැනීම ගැනයි. සිංහල තරුණියගේ සංස්කෘතිය ගැන මම මගේ ගායනයෙන් හඳුන්වා දෙනවා. සිංහල තරුණිය දමිළ තරුණයාගේ පවතින සංස්කෘතිය ගැන ගායනයෙන් හඳුන්වලා දෙනවා.

● දර්ශන්ට ගායකයෙක් වෙන්න හිතුණේ ඇයි?

මම හැම වැඩේම කරගෙන ඉන්නේ සින්දු අහන ගමන්. මට ගායකයෙක් වෙන්න ඕනෑ කියලා ආශාවක් තිබුණේ නැහැ. මම නිතරම අපි වෙන්වෙන තරමට ගීතය ගායනා කළා.

චාමිකගේ මේ ගීතයට පුංචි කාලේ ඉඳලා පිස්සුවෙන් වගේ ආදරය කළා. හැම ප්‍රසංගයකම වගේම රූපවාහිනී වැඩසටහනකම වගේ මම මේ ගීතය ගායනා කරනවා බලලා තමයි මගේ ගීතයක් කරමු කියලා ටොරානා ආයතනයෙන් කතා කළේ.

දීපාවලි රාත්‍රිය දා - දීපාවලී රෑ එළියට

● නළුවෙක් වෙන්න හීන මවපු දර්ශන් තවරාජා ගායකයෙක් වෙන්නයි යන්නේ?

දන්නේ නැහැ. මිනිසුන්ගේ අතේ තමයි ඒ දේ තියෙන්නේ. මිනිසුන්ට මාව ඒ විදිහට බලන්න කැමති නම් ගායකයෙක් වෙයි.

● දීපවාලි රෑ ගැන මොන වගේබලාපොරොත්තුවක්ද තියෙන්නේ?

ගොඩක් බයයි. ෆනී ත්‍යාගරාජා මේකේ සංගීතඥයා. එයාවත් මේ ගීතයට තෝරාගන්නේ මම තමයි. ටොරානා එකෙන් මුලින්ම කතා කළේ මට. ඔවුන් මට මේ සඳහා යොදාගන්න පිරිස කියන්න කිව්වා. ෆනී ත්‍යාගරාජා මගේ හොඳ යාළුවෙක්. අපි දෙන්නටම බයක් තියෙනවා හිට් වෙයිද? නැතිද? කියලා. දමිළ තරුණයෙක් විදිහට ඇවිත් සිංහල සින්දුවක් කියලා ලැබෙන ප්‍රතිචාර ගැන හරි සතුටුයි. දීපවාලි දවස අපේ ජීවිතයේ ලොකු විභාගයක් වගේ.

● දෙසැම්බර්වල අලුත් වැඩකට අතගහනවා කියලත් ආරංචියි?

ඔව්. ප්‍රංශ චිත්‍රපට උළෙලට ඉදිරිපත් කරන ලංකාවේ රූගත කරන සිංහල චිත්‍රපටයකට මට ආරාධනාවක් ලැබුණා. ප්‍රංශයේ ජීවත්වන සිංහල ජාතිකයන් තමයි මේ නිෂ්පාදනය සිදු කරන්නේ. මෙහි මූලික පියවරයි දැන් ආරම්භ කළේ. ඒකත් මගේ ජීවිතයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් වෙනවා. ෆස්ට් ටයිම් දෙසැම්බරයේ තට්ටේ ගාන්න ඉන්නේ. බාහිර පෙනුම වෙනස් කරලා තමයි ඇක්ට් කරන්න යන්නේ. පෙනුම චේන්ජ් කරලා කරන ඇක්ටින් වලින් මම හිට් වුණොත් ගොඩ තමයි.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment