දීර්ඝතම චන්ද්‍රග‍්‍රහණයක් හෙට

911


වසර 580 කට පසු සිදු වන දීර්ඝතම චන්ද්‍රග‍්‍රහණයක් හෙට දින සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
මෙම චන්ද්‍රග‍්‍රහණය මෙරටට නොපෙනෙන බවත් එය ඉන්දියාවේ නැගෙනහිර ප‍්‍රදේශය ඇතුළු ඇමරිකාව, උතුරු යුරෝපය, නැගෙනහිර ආසියාව, ඔස්ට‍්‍රේලියාව, පැසිෆික් කලාපයේ රටවල් ඇතුළු ලෝකයේ විශාල ප‍්‍රදේශයකට දිස්වන බවත් පවසයි.
මෙහි සම්පූර්ණ ග‍්‍රහණ කාලය පැය 6 යි මිනිත්තු 1 ක් තරම් දිගු කාලයකි.
එය ශ‍්‍රී ලංකා සම්මත වේලාවෙන් පෙරවරු 11.32 ට ආරම්භ වී පස්වරු 5.33 ට අවසන් වන බවත් හෙතෙම කියා සිටියේය .

advertistmentadvertistment
advertistmentadvertistment