දීර්ඝායු නොලබා අඩු වයසින් කොළඹ සමහර ජනතාව මියයන්නේ දිළිඳු බව නිසයි

189

මට්ටක්කුලියේ ජන ජීවිතයත් අද ඊට උදාහරණයක් – එස්. ශ්‍රී ධරන්

කොළඹ නාගරික දුප්පත් ජනතාව දීර්ඝායු නොලබා අඩු වයසින් මියයන්නට ඔවුනගේ දිළිඳු බව හා සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවශ්‍ය පහසුකම් නො මැතිකම හේතුවෙන් බව ජනතාව නැති බැරි බවට පත්කරපු පාලකයන් ද ඊට වගකිවයුතු බව සමගි ජන බලවේගයේ මට්ටක්කුලිය සංවිධායක එස්. ශ්‍රීධරන් මහතා පැවැසී ය.

මට්ටක්කුලියේ පැවැති ජනතාවට ආධාර බෙදා දීමේ සමාජ ව්‍යාපෘතියක කටයුතු අවසානයේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රීධරන් මහතා – රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ යුගයෙන් පසු කොළඹ නාගරික ජනතාව නඟාසිටුවන්න, වැඩිවන ජනගහනයට අවැසි නිවාස හා පොදු පහසුකම් සංවර්ධනයට ගන්න පියවර ගැන සෑහීමකට පත්වන්න බැහැ. නගර අලංකාරය වගේම ජීවිත අලංකාරයත් අවශ්‍යයි. කොළඹ නාගරිකයේ ජනතාවගේ දූ පුතුන් අතරින් උගතුන්, විද්වත් වෘත්තිකයන් රටට බිහිවන තැනට කොළඹ නාගරික අධ්‍යාපන හා ඊට අවැසි සමාජ පසුබිම අපි ශක්තිමක් කළ යුතුයි. සජිත් ප්‍රේමදාස මහතා අපට පැහැදිලි ප්‍රතිඥාවක් දී තිබෙනවා. මට්ටක්කුලිය වැනි ප්‍රදේශ කේන්ද්‍රකොට ගෙන ජන ජීවිතය නැංවීමට ඔවුනට අවැසි අධ්‍යාපන, සෞඛ්‍ය, නිවාස ඇතුළු සේවා නංවන්න ක්‍රියාකිරීමට අද රටට අවශ්‍ය තමන් ගැන නොව රට හා ජනතාව ගැන හිතන නායකත්වයක්, පාලනයක් යැයි ද ශ්‍රීධරන් මහතා කීය.

advertistmentadvertistment
advertistmentadvertistment