දීර්ඝායු ලැබීමට බලපාන ජපන් රහස්

1265

ජපන් ජාතිකයන්ගේ දීර්ඝායුෂ සම්බන්ධව පෝෂණවේදීන් විසින් සිදු කළ සමීක්‍ෂණවලට අනුව හෙළි වී ඇත්තේ ඔවුන් වැඩිපුර මුහුදු මාළු, මුහුදු පැළෑටි ආහාරයට ගැනීම, එළවලූ, සෝයා බෝංචි සහ එමගින් නිෂ්පාදිත සෝස් වර්ග බත් සහ මිසෝ සුප් ආහාරයට ගැනීම බවය.

 මෙවැනි ආහාර මගින් හෘදයාබාධ ඇතිවීම වලක්වන බවත් පිළිකා වැනි රෝග ඇතිවීමට ඇති ඉඩකඩ අඩු බවත් හෙළි වී ඇත.

 එසේම ඔවුන් තම ආහාර රස ගැන්වීම සඳහා සම්ප‍්‍රදායික කුළුබඩු, යොදාගැනීම මගින් සිරුරේ මේදය තැන්පත්වීම අඩු බව ද හඳුනාගෙන තිබේ.

 ජපන් ජාතිකයන් ආහාර සකස් කර ගැනීමේදී තෙල් තාච්චියේ බැදගනු වෙනුවට ජල වාෂ්පයෙන් තම්බා ගැනීම, ආහාරවල රසය වැඩිකර ගැනීමට ලූණු හෝ සීනි වැඩි ප‍්‍රමාණයක් යොදාගැනීම වෙනුවට සම්ප‍්‍රදායික රසකාරක යොදාගැනීම ද මෙලෙස නිරෝගීව දිගු කලක් ජීවත්වීමට බලපා ඇති හේතු අතර පවතින බව ද පෝෂණවේදීන්ගේ සමීක්‍ෂණයෙන් වැඩිදුරටත් අනාවරණය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment