දුකට ලියපු කවි පදවැල්…

631

ජනප‍්‍රිය සිනමා නළු දිවංගත විජය කුමාරතුංගයන්ගේ 76 වැනි ජන්ම දිනය අනිද්දා (09) දිනට යෙදී ඇත.

විජයගේ අකල් වියෝවෙන් අනතුරුව ඔහුගේ මව බි‍්‍රයටි‍්‍රස් කුමාරතුංග මතාව පොල්හේන්ගොඩ නිවසේ ජීවත් වූ අවධියේ පුතු ගැන ලියන ලද කවි කීපයක් මේ ආකාරයට වසර 33කට පසුව සමාජගත කරනුයේ විජය කුමාරතුංගයන්ට උපහාරයක් පිණිසය. 1990 පෙබරවාරි 10 වැනි දින සරසි පුවත් පතින් මෙය උපුටා ගන්නා ලදී.

දවස් තුන්සිය හැට පහක් ගත උනා ආදර මගේ පුතේ
මමත් දුක්ගිනි ගොඩක් මැද්දේ දැවෙනවා තව මගෙ පුතේ
තවත් නෑ මට වරම් මෙදුකින් මිදී එන්නට ඔබ වෙතේ
ගියත් මා හැර දමා පුතු මගේ මමත් එනවා මගේ පුතේ

ඉකිබිඳ අඬනවා අම්මා නිතර පුතේ
දුක උහුලන්නේ රෑ දහවල් දෙකේ පුතේ
දුකට ලියපු කවිපද වැල් මේව පුතේ
මින් සැනසුමක් මේ අම්මට එයිද පුතේ

පොළොවට බරවී නැඟී සිටින්නට වාරුව මට දැන් නැතේ පුතේ
වැහැරී ගිය මට මුදල් නැතිව අද ජීවත් වන්නට බැරිය පුතේ
කාගේ කාගේ හරි අත අල්ලාගෙන ඇවිදින්නට සිදුවුණා පුතේ
මෙවැනි වේලාවක මේ වගේ කාලෙක ඇයි මා තනිකර ගියේ පුතේ

රෑ දහවල් දෙකේ කඳුළැලි වගුරුවන
අම්මා ඉන්නවා එන මඟ බලාගෙන
මාස හයක් ගත කෙරුවා දිනෙන් දින
ඇයි මගෙ සුදු පුතේ ඉන්නේ සැ`ගවී ගෙන

දොරකඩ බලා ඉන්නවා පුතු එයිද කියා
නිදි පැදුරට යනවා අද එන්නේ නැත කියා
පසු දවසෙත් බලා ඉන්නවා ඒද කියා
මැරෙන තුරුම මඟ බලනව ඒද කියා

ම්මික ජයරංජන්

දුකට ලියපු කවි පදවැල්...
advertistmentadvertistment
advertistmentadvertistment