දුක කියාගෙන පන්සලට ඇවිත් මුදල් කොල්ලකෑවා

365

මේ සොර යුවළ ගැන අවධානයෙන් ඉන්න – ඇපලදෙණියේ සුමණසිරි හිමියෝ කියති

විහාරස්ථානවලට කාන්තාවක් සමග පැමිණ මුදල් හා වටිනා පුරාණ භාණ්ඩ සොරාගන්නා දෙදෙනෙකු හේතුවෙන් විහාරාධිපති හිමිවරු මෙන්ම පූජකවරුන්ද දැඩි අවදානමකට පත්ව ඇති බව කුලියාපිටිය විද්‍යා විනොද පිරිවෙන්පති රාජකීය පණ්ඩිත ඇපලදෙණියේ සුමණසිරි හිමියෝ පැවසූහ.

26දා තමන් වහන්සේ විවේකීව කල්ගත කරන අවස්ථාවේ සවස් කාලයේ බිරිඳ පිළිකා රෝගයකින් පෙළෙන බව කියමින් පැමිණි යුවළක් තමා වැඩසිටින කාමරයට බලහත්කාරයෙන් ඇතුල් වී මුදල් කොල්ලකෑමේ සිදුවීම සම්බන්ධ ආරක්‍ෂිත කැමරා දර්ශන ද ප්‍රදර්ශනය කරමින් පැවසීය. දුක කියාගෙන පන්සල් පල්ලි කෝවිල් වලට එන අය පිළිබඳව හොඳින් විමසන්න කියලා හැම දෙනාටම මතක් කරන්න කැමතියි යැයිද උන්වහන්සේ පැවසූහ.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment