දුගියෙක් රජෙක් කරන මාලිකා යෝගය

746

සාමාන්‍ය වශයෙන් කල්පනා කර බලනවිට යෝග ගණයෙහිලා සැලකෙන්නේ ග‍්‍රහ සංයෝග බව සිතිය හැක. මෙයින් ජන්මියාගේ චරිතය, සෞඛ්‍ය, වාසනාව හා අවාසනාව මනාව විකාශනය වෙනවා ඇත.

ජ්‍යොතිෂ ශාස්ත‍්‍රය තුළ පවතින දහස් ගණන් යෝග අතරින් එක් යෝගයක් පිළිබඳ විගහ‍්‍රයක් කිරීමට අදහස් කළෙමි. ඒ මාලිකා යෝගය පිළිබඳවයි.

මාලිකා යෝගය යනුවෙන් හඳුන්වන්නේ රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, ශුක‍්‍ර සහ ශනි යන සියලූම ග‍්‍රහයින් ලග්නයේ පටන් හත්වෙනි භාවය දක්වා අතුරක් නොමැතිව තැන්පත්වීමයි.

මෙම මාලිකා යෝගය ප‍්‍රභේද දොළසකින් යුක්තය. එකී ප‍්‍රබේද පහත සඳහන් ආකාරයටය.

  1. ලග්න මාලිකා
  2. ධන මාලිකා
  3. වික‍්‍රම මාලිකා
  4. ශුක මාලිකා
  5. පුත‍්‍ර මාලිකා
  6. ශත‍්‍රැ මාලිකා
  7. කලකෘ මාලිකා
  8. රන්ධු මාලිකා
  9. භාග්‍ය මාලිකා
  10. කර්ම මාලිකා
  11. ලාභ මාලිකා
  12. ව්‍යය මාලිකා
  13. ලග්න මාලිකා යෝගය

ලග්නයේ පටන් හත්වැන්න දක්වා අතුරක් නොමැතිව පිළිවෙළින් ග‍්‍රහයින් පිහිටීම ලග්න මාලිකා යෝගයයි. ලග්න මාලිකා යෝගයෙන් උපන්නෝ රජෙක් හෝ ආණ්ඩුකාරයෙක් වෙයි.

  1. ධන මාලිකා යෝගය

දෙවැන්නේ පටන් අටවැන්න දක්වා අතුරක් නොමැතිව පිළිවෙළින් ග‍්‍රහයින් පිහිටීම ධන මාලිකා යෝගයයි. ධන මාලිකා යෝගයෙන් උපන්නෝ විශාල ධනයකට අධිපති වන, පියා කෙරෙහි අධික ස්නේහයක් ඇති වික‍්‍රමාන්විත පෙනීමෙන් තේජස්ත භාවය හා නපුරු ස්වභාවයක් ඇත්තෝය. එසේ නපුරු ස්වභාවය ඇතත් කාරුණික හදවතක් ඇති අධිරාජ්‍යයෙක් වෙයි.

  1. වික‍්‍රම මාලිකා යෝගය

තෙවැන්නේ සිට නව වැන්න දක්වා අතුරක් නොමැතිව පිළිවෙළින් ග‍්‍රහයින් පිහිටීම වික‍්‍රම මාලිකා යෝගයයි. වික‍්‍රම මාලිකා යෝගයෙන් උපන්නෝ ආණ්ඩුකාරයෙක් හෝ වීර නායකයෙක් හෝ නිර්භීත පුරුෂයන් ඇසුරු කරන කෙනෙක් හෝ වේ. ධනයෙන්ද යුක්ත වෙයි. නමුත් රෝගයෙන් පෙළෙනසුලූය.

  1. ශුක මාලිකා යෝගය

සිව්වැන්නේ සිට 10 වැන්න දක්වා අතුරක් නොමැතිව පිළිවෙළින් ග‍්‍රහයින් පිහිටීම ශුක මාලිකා යෝගයයි. ශුක මාලිකා යෝගයෙන් උපන්නෝ නොයෙක් ප‍්‍රදේශයන්හි ධනය ඇති උසස් චරිතයකින් යුත් අය වෙති.

  1. පුත‍්‍ර මාලිකා යෝගය

පස්වැන්නේ සිට එකොළොස් වැන්න දක්වා අතුරක් නොමැතිව පිළිවෙළින් ග‍්‍රහයින් පිහිටීම පුත‍්‍ර මාලිකා යෝගයයි. පුත‍්‍ර මාලිකා යෝගයෙන් උපන් තැනැත්තෝ ආණ්ඩුකාරයෙක් වෙයි.

  1. ශත‍්‍රැ මාලිකා යෝගය

හය වැන්නේ සිට දොළොස්වැන්න දක්වා අතුරක් නොමැතිව පිළිවෙළින් ග‍්‍රහයින් පිහිටීම ශත‍්‍රැ මාලිකා යෝගයයි. ශත‍්‍රැ මාලිකා යෝගයෙන් උපන් තැනැත්තෝ වනගතව ස්වල්ප වශයෙන් ප‍්‍රීතිය විඳිමින් වසන දුප්පතෙකි.

  1. කලත‍්‍රැ මාලිකා යෝගය

හත්වැන්නේ සිට ලග්නස්ථානය දක්වා අතුරක් නොමැතිව පිළිවෙළින් ග‍්‍රහයින් පිහිටීම කලත‍්‍රැ මාලක යෝගයයි. කලත‍්‍රැ මාලිකා යෝගයෙන් උපන් තැනැත්තෝ බොහෝ ස්ත‍්‍රීන් විසින් ප‍්‍රියකරනු ලබන තැනැත්තෙකි.

  1. රන්ධු මාලිකා යෝගය

අටවැන්නේ සිට දෙවැන්න දක්වා අතුරක් නොමැතිව පිළිවෙළින් ග‍්‍රහයින් පිහිටීම රන්ධු මාලිකා යෝගයයි. රන්ධු මාලිකා යෝගයෙන් උපන් තැනැත්තෝ ස්ත‍්‍රීන්ගේ බලයට අවනත නිර්ධන ආණ්ඩුකාරයෙක් වෙයි.

  1. භාග්‍ය මාලිකා යෝගය

නවවැන්නේ සිට තුන්වැන්න දක්වා අතුරක් නොමැතිව පිළිවෙළින් ග‍්‍රහයින් පිහිටීම භාග්‍ය මාලිකා යෝගයයි. භාග්‍ය මාලිකා යෝගයෙන් උපන් තැනැත්තෝ ආගමික කටයුතු කරන ඒ සඳහා කැපවී සිටින ප‍්‍රධානියෙක් වෙයි.

  1. කර්ම මාලිකා යෝගය

දසවැන්නේ සිට හතර වැන්න දක්වා අතුරක් නොමැතිව පිළිවෙළින් ග‍්‍රහයින් පිහිටීම කර්ම මාලිකා යෝගයයි. කර්ම මාලිකා යෝගයෙන් උපන් තැනැත්තෝ යුක්ති ධර්මයට කැමැති උසස් මිනිසුන් විසින් ගරු සැලකිලි දක්වනු ලබන කෙනෙක් වෙයි.

  1. ලාභ මාලිකා යෝගය

එකොළොස්වැන්නේ සිට පස්වැන්න දක්වා අතුරක් නොමැතිව පිළිවෙළින් ග‍්‍රහයින් පිහිටීම ලාභ මාලිකා යෝගයයි.

ලාභ මාලිකා යෝගයෙන් උපන් තැනැත්තෝ ශ්‍රේෂ්ඨ ස්ත‍්‍රියකගේ පුරුෂයෙක් වන ගනුදෙනු ආදී ක‍්‍රියාවන්හි දක්ෂයෙක් වෙයි.

  1. ව්‍යය මාලිකා යෝගය

දොළොස්වැන්නේ සිට හයවැන්න දක්වා අතුරක් නොමැතිව පිළිවෙළින් ග‍්‍රහයින් පිහිටීම ව්‍යය මාලිකා යෝගයයි.

ව්‍යය මාලිකා යෝගයෙන් උපන් තැනැත්තෝ අතිශයින්ම නිදහස්කාමි සියලූ තන්හි ගරු කරනු ලබන කෙනෙක් වෙයි.

ජ්‍යොතිෂවේදී
උපාලි ආරියරත්න
සුදර්ශන මාවත,අංක 26,
දෙමටගොල්ල, උකුවෙල.

advertistmentadvertistment
advertistmentadvertistment