දුන්ගාල්පිටිය පුංචි මංගල්‍යය ජයට

95

මීට වසර 35කට කලින් දුන්ගාල්පිටිය මීසමේ 6 වන සහ 7 නූවාන කොට්ඨාසයේ බැතිමතුන් ශු. අන්තෝනි මුනිතුමාගේ ප්‍රතිමාවක් ස්ථාපිත කරන ලදී. ඒ සඳහා බිම්කඩ පරිත්‍යාගය කරන ලද්දේ පරලෝ සැපත් මරිය මග්දලේනා ඒකනායක මාතාවයි. මණ්ඩපය සාදා නිමා කර ගැනීමට මූලිකව ක්‍රියා කරන ලද්දේ සුනිල් ජයමහ ඇඩ්වඩ් සපරමාදු, නෙල්සන් රාජසුන්දර සිරිතිලක, ඇන්ටනි ජයමහ, දිලිප් සපරමාදු සහ පරලෝ සැපත් කැලිස්ටස් කිරිහෙට්ටි හා අතුල පෙරේරා යන අය වෙති. ඔවුන් ඒ සඳහා මූල්‍යමය අවැසිතාවයන් සපුරාගෙන ඇත්තේ මා දැල් ඇදීමෙන් හා මීගමු කලපුවේ පාරම්පරික රැකියාවක් වන තනි දැල් ගෑමෙනි. මුනිතුමාගේ ප්‍රතිමාව සඳහා බැති බර දායකත්වය ලබාදුන්නේ තලාහේන ග්‍රාමයේ පදිංචි උපුල් සිල්වා මහතාය.

වසර 35ක් පැරැණි මෙම මණ්ඩපය වෙනුවට නව මණ්ඩපයක් ඉදිකර ගැනීම සඳහා ග්‍රාමවාසීන් සමග එක්ව සුදර්මන් යාපා, මාලක ප්‍රනාන්දු, ශමීර ප්‍රනාන්දු යන අය වෙති. ඔවුනට ප්‍රධාන අනුශාසනා කනර ලද්දේ දුන්ගාල්පිටිය මීසම් පාලක කසුන් ඉෂාර පියතුමන් සමග ග්‍රාමයේ පූජක පුතුන් වන (දික්ඕවිට) මීසම් සහායක තාරක පියතුමන් හා නිරන්ජන් පීරිස් පියතුමන්ලා ය. ඒ අනුව කෙටි දිනකින් දැකුම්කලු කලාත්මක නව මණ්ඩපයක් ඉදි කරන ලදී. එයට ශු. අන්තෝනි මුනිතුමන්ගේ ආකර්ෂණීය දැකුම්කලු නව ප්‍රතිමාව පරිත්‍යාග කළේ උපුල් සාන්ත මහතා විසින්ය. නව මණ්ඩපය ආසිරි ගන්වා ශු. අන්තෝනි මුනිතුමන්ගේ ප්‍රතිමාව නිරාවරණය කර දිව්‍ය පූජා යාගයක් පැවැත්වීම සඳහා ග්‍රාමවාසීන් බැතිබරව ආරාධනා කළේ දුන්ගාල්පිටිය දහම් කෙත අස්වද්දන දහම් නියමුවානන් වන මීසම් පාලක කසුන් ඉෂාර පියතුමන්ට හා ග්‍රාමීය පූජක පුත්‍ර තාරක පියතුමන් දෙපළටය.

යහපත් කාලගුණයක් ලබාදීම දෙවියන් නියම කළ දවසේ කාර්ය නිමාකළ හිරු රත්න වර්ණ පැහැ ගැන්වී සිතිජ ඉසව් මානයේ සයුර සිඹ සමුගෙන සුළුවේලාවකදී පැතුරුණු බිම් කළුවර මකා දැමුවේ ගමේ ධීවර ජනතාවගේ හදවත බඳු මීගමු කලපුවට ඉහළ අහසේ නැඟ ආ පොසොන් පුර පසළොස්වක සඳ කුමරිය සඳරැස් විහිදුවාලමිනි. ප්‍රධාන මාර්ග දෙපස නේක වර්ණයෙන් යුත් විදුලි ආලෝක ධාරාවන්ගෙන් මණ්ඩප භූමිය ආලෝකමත් විය. ආරාධිත පියතුමන් දෙපළ පෙරටු කර කැඳවාගෙන ආවේ මීසමේ තූර්යවාදක කණ්ඩායමේ දරු දැරියන්ගේ තූර්යවාදන ගීනද මැදය, මණ්ඩපයට අවටින් අහසට නැඟුණු

ගිනිකෙළි ජාලාවන් විසිරී ගියේ මල් වර්ෂාවන් මෙන්ය. මංගල දේව මෙහෙයේ දෙසුම පවත්වමින් තාරක පියතුමන් පැවුසවේ අපි බියකරු කොරෝනා රෝගයට මුහුණ දී ඉතාමත් අසීරු කාලයක් ගතකර දැන් ඊටත් වඩා බියකරු ආර්ථික අපහසුතාවයකට මැදිව නොයෙක් අපහසසුතා මැද දිවි ගෙවන්නෙමු. අප දරුවන්ගේ අධ්‍යාපනයට අපගේ රැකී රක්‍ෂාවලට සුරක්ෂිතතාවයක් නොමැති වී ඇත. මෙවන් අවස්ථාවක අප ග්‍රාමවාසීන් දෙවියන් කෙරෙහි තබා ඇති අචල විශ්වාසය මෙම නව මණ්ඩපය සාක්‍ෂි දරයි. සියල්ලට විසඳුම් අත ඇති අප දෙවිපියාණන්ට යාච්ක්‍දා කර සියලු කරදරවලින් මිදීමට එතුමන්ගේ මැදහත්කම ඉල්ලා සිටිමුයි සඳහන් කළේය.

ජූඩ් හෙට්ටිආරච්චි දුන්ගාල්පිටිය
සේයාරුව නිමන්ත ඒකනායක

advertistmentadvertistment
advertistmentadvertistment