දුන්නබිඳුණු වැවේ සිත්පිත් නැති කිඹුල් මාරයා පුංචි චනුත්ගේ ජීවිතය ඩැහැගත්තා

450

“අප්පච්චි මගේ කකුල මොකෙක්දෝ ඇල්ලු‍වා… අප්පච්චි මගේ කකුල මොකෙක්දෝ ඇල්ලු‍වා…“ සත් හැවිරිදි චනුත් සත්සර පුතාගේ අවසන් වදන් ටික තාමත් පියාගේ සිත්තුළ දෝංකාර දෙයි.

දඹුල්ල,කණ්ඩලම දුන්න බිදුණු වැවේ තම පියාත්, මවත් තම එකම වැඩිමල් සොයුරියත් සමග දිය නෑමට ගිය චනුත් සත්සර කිඹුලෙකු ඩැහැගෙන යාමෙන් පසු කණ්ඩලම, කුඹුක්‌කඳන්වල ගම්මානයම හඬා වැටෙන්නට වුණි.

සත්සර පුතා තම පියාට කියා කුඩා බාල්දියක් දින කීපයකට පෙර ගෙන්වා ගත්තේ අවසන් ගමන් යාමට නොව දුන්නබිඳුණු වැවේ දිය නෑමට ඇතිවූ දැඩි ආශාව නිසාමය.

කිඹුලා ඩැහැගත් ඉකුත් 15ද උදෑසන සිටම චනුත් සත්සරගේ ඇවිටිල්ල වුයේ වැවේ දිය නෑමටය. අවසානයේ එදිනම පස්වරුවේ පවුලේ සියලු‍ දෙනාම දිය නෑමට වැවට ගියහ.

දුන්නබිඳුණු වැවේ සිත්පිත් නැති කිඹුල් මාරයා පුංචි චනුත්ගේ ජීවිතය ඩැහැගත්තා

මව ඇඳුමක් සෝදමින් සිටි අතර චනුත් කුඩා බාල්දිය රැගෙන දියට බැස්සා පමණි. ඇසිල්ලකින් ”‍අප්පච්චි මගේ කකුල මොකෙක්දෝ ඇල්ලු‍වා, අප්පච්චි මගේ කකුල මොකෙක්දෝ ඇල්ලු‍වා‘යයි කෑ ගැසීය.

චනුත්ගේ පියා වහා දියට බැස චනුත් දෑතින්ම අල්ලා ගෙන ගොඩට ඒමට උත්සාහ දැරිය. චනුත් හා පියා ක්‍රම ක්‍රමයෙන් දියට ඇදෙද්දී පියා දැඩි ආයාසයක් දරමින් කිඹුලාගේ ග්‍රහණයෙන් චනුත්ව බේරා ගැනීමට විනාඩි ගණනාවක් උත්සාහ දැරුවත් කිඹුලාගේ ග්‍රහණයෙන් චනුත්ව බේරා ගැනීමට නොහැකි විය.

චනුත්ගේ මවත් සොයුරියත් හඬා වැටෙමින් උදව් ඉල්ලා කෑ ගැසුවත් අසලක හෝ කිසිවෙක් නොසිටියහ.

පසුව ප්‍රදේශවාසීන්, ධීවරයින්, පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් එක්ව රාත්‍රිය පුරාවට චනුත් සොයා මෙහෙයුමක් කළත් චනුත් සොයා ගැනීමට නොහැකි වූහ.

පසුදින ත්‍රිකුණාමලය නාවික හමුදා කිමිදුම් නිලධාරීන් ද චනුත් සොයා මෙහෙයුමක් දියත් කළ අතර එහිදී චනුත් ගේ දියමත පාවෙමින් තිබු මළ සිරුර හමුවිය. එහිදී චනුත් දරුවා ඩැහැගෙන ගිය බවට සැකකෙරෙන කිඹුලෙකුද ජිවග්‍රහණයෙන් අල්ලා ගැනීමට හැකිවිය.

සිගිරිය පොලිසිය පරීක්ෂණ සිදුකරයි.

සරත් එරමිනිගම්මන-දඹුල්ල

advertistmentadvertistment
advertistmentadvertistment