දුන්නොත් දානේ ලැබෙයි නිධානේ… – මාමේ… නැන්දේ… මට පිහිටවෙන්න – අම්මයි තාත්තයි දෙන්නත් නෑ

278

අවාසනාවන්ත ලෙස වයස අවුරුදු එකහමාරේදී මව මිය ගිය කුඩා චතුරණ දරුවාට වයස අවුරුදු දෙක හමාරක් වෙද්දී හදිසි අනතුරකින් තම පිය සෙනෙහසද අහිමි වූවේය. මෙවන් තත්වයක් යටතේ උපන් චතුරණ මේ වන විට දරුණු වකුගඩු පිළිකා රෝගයට ගොදුරුව එක් වකුගඩුවක් ඉවත් කොට ඉතා අසරණව අනුරාධපුර ශික්ෂණ රොහලේ ප‍්‍රතිකාර ලබයි.

මහලූ ආචිචි අම්මාගේ හා සීයාගේ රැුකවරණය මැද ජීවත් වන චතුරණ රැුක බලා ගැනීමට ආර්ථික ශක්තියක් නැති ඔවුහු සංචරණ සීමා මැද අන්ත අසරණ බවට පත්ව සිටිති. ප‍්‍රතිකාර සඳහා නිතර නිතර දරුවා රෝහලට රැුගෙන ඒමට තරම්වත් ආර්ථික ශක්තියක් ඔවුන්ට නැත. මේ නිසාම රෝහලේ කාර්ය මණ්ඩලය ද මේ දරුවා ගැන මහත් අනුකම්පාවෙන් යුතුව රෝහලේ දී දරුවාට උපරිම පහසුකම් ලබාදීමට මහත් කැපවීමෙන් කටයුතු කරමින් සිටිති.

දරුවාගේ මිත්තණිය පනස් හත් හැවිරිදි වියේ පසු වන ටී. ජේ. චන්ද්‍රාවතී ද දියවැඩියා රෝගයෙන් ඔත්පලව සිටියි. පනස් නව හැවිරිදි එස්. එස්. රණවීර වන සීයාටද කුලී රැුකියාවක් හෝ කරගත නොහැකි තරමට අසනීපවලින් පෙළෙමින් සිටියි. මෙම යුවළට තවත් දියණියක් ද සිටින අතර ඇයව රැුක බලා ගැනීමත් ජීවත් කරවීමටත් නොවිඳිනා දුක් විඳීමට සිදුව තිබේ. වෛද්‍ය ප‍්‍රතිකාර ලබන පුංචි චරණගේ වයස මේ වන අවුරුදු හතර හමාරකි. දරුවාට අවශ්‍ය ඹෟෂධ රෝහලෙන් ලැබුණද පෝෂ්‍යදායක ආහාර වේලක් තබා දවසට එක වේලකින් හෝ දරුවාගේ කුස පිරවීමට නොහැකිව සිය පවුලම අසරණය.

සතිපතා දරුවා රෝහලට රැුගෙන ඒමත් නේවාසිකව දරුවා රෝහලේ තබාගෙන සිටීමත් නිසා මේ අසරණ දරු පවුලට කරකියා ගත හැකි කිසිවක් නොමැත.

හැකි අයකු සිටිනම් මේ දරුවා වෙනුවෙන් යමක් සිදුකරදෙන ලෙස අනුරාධපුර ශික්ෂණ රොහලේ කාර්ය මණ්ඩලය පරිත්‍යාගයශීලින්ගෙන් ඉල්ලා සිටිති. අනුරාධපුර සාලියපුර 08 කණුව යන ලිපිනයේ පදිංචි ඔවුන් සම්බන්ධ කර ගැනීමට ජංගම දුරකතනයක් පවා ඔවුන් සතුව නොමැත.

මේ නිසා යම් පිහිටක් විය හැකි අයකු සිටි නම් අනුරාධපුර ශික්ෂණ රොහලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුගේ දුරකතන අංක 0714633727 ඇමතීමෙන් මෙම අසරණ පවුල සම්බන්ධ කර ගැනීමට ඔබට සහය ලබා ගැනීමට හැකිය.

නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment