දුනිත්ගේ ශතකයේ මහිමයෙන් ශී‍්‍ර ලංකාව  දකුණු අපි‍්‍රකාව පරදවයි

533

යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය

 ලකුණු 25 කට මුල්පෙළ පිතිකරුවන් තිදෙනකු දැවී ගිය විට පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබා පිටියට පැමිණි නායක දුනිත් වෙල්ලාලගේ ලබාගත් විශිෂ්ට ශතකයේ මහිමයෙන් යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී දකුණු අපි‍්‍රකාව සමග පෙරේදා (30 දා) පැවැති තරගයෙන් ලකුණු 65 ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය.

 තරගයේ 9 වැනි පන්දු වාරයේ සිට 49 වැනි පන්දුවාරය තෙක් කඩුල්ලේ රැුඳී සිටිමින් පන්දු 130 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 4 ක් වාර්තා කළ ශී‍්‍ර ලංකා නායකයා දැවී යන විට ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව 217 දක්වා ඉහළ නැඟ තිබුණි.

 ශී‍්‍ර ලංකාව නියමිත පන්දු වාර 50 තුළදී කඩුලූ 6 ක් දැවී රැුස්කළ ලකුණු 232 හඹා ගිය දකුණු අපි‍්‍රකා කී‍්‍රඩකයන්ට පන්දු වාර 37.3 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 167 ක් පමණි.

 පිතිකරණයේදී ශතකයක් රැුස් කළ ශී‍්‍ර ලංකා නායකයා දකුණු අපි‍්‍රකා කණ්ඩායමේ කඩුලූ දවා ගැනීම, දුවද්දී දැවී යෑමකින් ආරම්භ කරමින් ආරම්භක පිතිකරු ජේඞ් ස්මිත් එක් ලකුණකට දුවද්දී දවා ගැනීමට සමත් වූවේය. ඉන් පසුව කි‍්‍රයාත්මක වූ ටෙ‍්‍රවීන් මැතිව්, ෂෙවොන් ඩැනියෙල් සහ රවීන් ද සිල්වා කඩුලූ 2 බැගින් දවාගෙන දුනිත්ගේ

 ශතකයට සාධාරණය ඉෂ්ට කළහ. දකුණු අපි‍්‍රකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ගෙර්හාඩස් මාරිගේ කඩුල්ල ද දවා ගැනීමට දුනිත් සමත් වූ අතර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියගේ

 කඩුල්ල ලකුණු 06 කට දවා ගැනීමට විනුජ සමත් වූවේය.

 දුනිත් වෙල්ලාලගේට අමතරව රනුද සෝමරත්න පන්දු 70 කදී නොදැවී ලකුණු 57 ක් ලබා ගනිමින් ශී‍්‍ර ලංකා ඉනිම ශක්තිමත් කිරීමට දායක වූ අතර රනුද සහ දුනිත් අතර 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 130 ක සම්බන්ධතාවයක් වාර්තා විණි.

 දුනිත් සහ ෂෙවොන් ඩැනියෙල් අතර 4 වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක සම්බන්ධයක් වාර්තාවූ අතර ෂෙවොන් ඩැනියෙල් ලකුණු 29 කට දැවී ගියේය.

 මෙම ජයග‍්‍රහණයත් සමග ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ 5 වෙනි ස්ථානය දිනා ගැනීම සඳහා අනිද්දා තරග වැදීමට නියමිත අතර ඊයේ (31 දා) රාති‍්‍ර පැවැත්වීමට නියමිතව තිබූ පකිස්තානය සහ බංග්ලාදේශය අතර තරගයේ ජයග‍්‍රාහකයා සමග ශී‍්‍ර ලංකාව එහිදී තරග වදිනු ඇත.

 ශී‍්‍ර ලංකා නායක දුනිත් වෙල්ලාලගේ

 තරගාවලියේ මේ වන විට අර්ධ ශතක දෙකක් සහ ශතකයක් සමගින් තරග 5 කදී ලකුණු 224 ක්ද, කඩුලූ 5 බැගින් දවාගත් අවස්ථා දෙක බැගින් කඩුලූ 17 ක් ද ලබා සිටී. තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලබාගත් කී‍්‍රඩකයන් අතරින් 5 වෙනි ස්ථානයේ ශී‍්‍ර ලංකා නායකයා රැුඳී සිටින අතර කඩුලූ ලාභීන් අතර වැඩිම කඩුලූ ලාභියා දුනිත්ය. ඉනිමක කඩුලූ ලබා ගැනීමේ සාමාන්‍ය 9.35 ක් ලෙස සටහන් කරගෙන ඇති දුනිත්ට පසුව වැඩිම කඩුලූ ලාභියා වන්නේ කඩුලූ 13 ක් ලබාගෙන ඇති ජුමා මියාජිය.

 ලකුණු සාරාංශය

 ශී‍්‍ර ලංකාව 232-6 (50) දුනිත් වෙල්ලාලගේ 113, රනුද සෝමරත්න නොදැවී 57, ෂෙවොන් ඩැනියෙල් 29.

 පන්දු යැවීම: මැතිව් බොස්ට් 21-2, ක්වේනා මාපාකා 60-3.

 දකුණු අපි‍්‍රකාව 167 (37.3) ගෙර්හාඩස් මාරි 44, රොනන් හර්මන් 34.

 පන්දු යැවීම: ටෙ‍්‍රවින් මැතිව් 41/2, රවීන් ද සිල්වා 14/2, ෂෙවොන් ඩනියෙල් 28-2.

advertistmentadvertistment
advertistmentadvertistment