දුනිත්ගේ සහ සෝමරත්නගේ සටන්කාමි ඉනිම අපතේ යවමින් පළමු එක්දින තරගයේ ජය එංගලන්ත යොවුන් පිලට

373

දුනිත් වෙල්ලාලගේ සහ රනුද සෝමරත්නගේ සටන්කාමී ඉනිම අපතේ යවමින් ශී‍්‍ර ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 26කින් පරාජයට පත් කිරීමට සංචාරක එංගලන්ත යොවුන් කණ්ඩායම ඊයේ (30 වැනිදා* සමත්විය. එ් අනුව දෙරට අතර කි‍්‍රයාත්මක එකිදින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත යොවුන් කී‍්‍රඩකයෝ සමත්වූහ.

එස්.එස්.සී. පිටියේදී ලකුණු 243ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පළමු කඩුලූ 5 මුලූ ලකුණු 90දී බිඳ වැටුණි. අනතුරුව හය වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට එක් වූ රනුද සෝමරත්න සහ නායක දුනිත් වෙල්ලාලගේ සටන්කාමී ඉනිමක් දියත් කරමින් ශී‍්‍ර ලංකා ඉනිමට බලාපොරොත්තු ගෙන ආවේය. දුනිත් වෙල්ලාලගේ පන්දු 68කදී හයේ පහරක් සහ හතරේ පහර 6ක් සමගින් ලකුණු 68ක් ලබා සිටියදී ජකොබ් බටේල්ගේ

පන්දුවක් හමුවේ රෙහාන් අයමඞ් අතට උඩපන්දුවක් ලබා දී දැවී යෑමත් සමගින් ශී‍්‍ර ලංකාවේ ජයග‍්‍රහි බලාපොරොත්තුවද අහිමි වී ගියේය.

රනුද සෝමරත්න පන්දු 73කදී ලකුණු 57ක් වාර්තා කරද්දී ඔහුගේ පිත්තෙන් හතරේ පහර 6ක්ද එල්ලවී තිබිණි. ශී‍්‍ර ලංකා 6 වැනි කඩුල්ලට ලකුණු 102ක සම්බන්ධතාවක් එක් කිරීමට වෙල්ලාලගේ සහ සෝමරත්න සමත්විය.

ශී‍්‍ර ලංකා ඉනිම ආරම්භ කළ චමිඳු වික‍්‍රමසිංහ සහ අංජල බණ්ඩාර පළමු කඩුල්ලට ලකුණු 51ක් එක් කළේය. එහිදී චමිඳු වික‍්‍රමසිංහ ලකුණු 34ක් සහ අංජල බණ්ඩාර ලකුණු 20ක් වාර්තා කළේය.

ඊයේ කාසියේ වාසිය දිනූ ශී‍්‍ර ලංකා නායකයාගේ

ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත යොවුන් කණ්ඩායම පන්දුවාර 49.3කදී සියලූ දෙනා දැවී ලකුණු 242ක් වාර්තා කළේය. විලියම් ලක්ස්ටොන් ලකුණු 44ක් සහ ජේම්ස් රෝ ලකුණු 40ක් වාර්තා කළේය.

ශී‍්‍ර ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ නිලකුණු පන්දුවාරයක් සමලගින් ලකුණු 30කට ප‍්‍රතිවාදි ඉනිමේ කඩුලූ 5ක් බිඳ දැමීය.

ලකුණු සටහන.

එංගලන්ත යොවුන් පිල පන්දුවාර 49.3කදී සියලූ දෙනා දැවී ලකුණු 242යි

ශී‍්‍ර ලංකා යොවුන් පිල පන්දුවාර 47.3කදී සියලූ දෙනා දැවී ලකුණු 217යි

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment