දුනු විදීමේ ලෝක ශූරතාවලිය අද ඇරැඹේ…. ශී‍්‍ර ලංකාවේ තිදෙනෙක් තරග බිමේ

446

2021 දුනු විදීමේ ලෝක ශූරතාවලිය අද (21 වැනිදා) ආරම්භ වේ. ඒ අනුව ඇමෙරිකාවේ යැංටන් හී පැවැත්වෙන අදාළ තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සජීව් ද සිල්වා, අනුරාධා කරුණාරත්න සහ හර්ෂනී ශෂිකලා කුමාරසිංහ මෙවර තරග බිමට පිවිසීමට නියමිතව තිබේ.

51 වැනි වරටත් පැවැත්වෙන දුනු විදීමේ ලෝක ශූරතාවලිය ලබන 26 වැනිදා දක්වා පැවැත්වේ. ඒ අනුව ඒ සඳහා සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුගියදා මෙරටින් පිටත්ව ගිය අතර එහිදී තරගාවලියේදී එකම ශී‍්‍ර ලංකා කී‍්‍රඩක නියෝජනය වන 29 හැවිරිදි වියේ පසුවන සජීව් ද සිල්වා ඍැජමරඩැ ඵ්බ ඉසව්ව යටතේ තරග වැදීමට නියමිතය. එම ඉසව්ව යටතේ ලෝක ශ්‍රේණිගත ලැයිස්තුවේ 140 වැනි ස්ථානයේ පසුවන සජීව් ද සිල්වා ප‍්‍රසාද ලකුණු 656ක් ලබා ගැනීම සිය හොඳම දක්ෂතාවය ලෙසින් සටහන් වී තිබේ. 2016 වසරේදී දකුණු ආසියානු රිදී පදක්කම සහ 2019 වසරේ දකුණු ආසියානු ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වී ඇති සජීව් මිශ‍්‍ර යුගළ ලෝකඩ පදක්කම සහ කණ්ඩායම් ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත්වී තිබේ.

අනුරාධ කරුණාරත්න ශී‍්‍ර ලංකා පොලිස් දුනු විදින්නන්ගේ සංගමය නියෝජනය කරමින් බිමට අවතීරණ වී තිබේ. ක්‍දපචදමබා උදපැබ ඉසව්ව සහ ඍැජමරඩැ උදපැබ ඉසව්වේ දක්ෂතා දැක්වීමට සමත්වී ඇති අනුරාධා ලෝක ශ්‍රේණිගත කිරීම්හිදී පිළිවෙලින් එම ඉසව් දෙකෙහිදී 181 සහ 376 වැනි ස්ථානවල පසුවේ. 40 වැනි පසුවන අනුරාධාගේ සිය පෞද්ගලික දක්ෂතාවය ප‍්‍රසාද ලකුණු 655ක් ලෙසින් සටහන් වන අතර 2019 වසරේදී ජාතික දුනු විදීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් සමගින් නව ශී‍්‍ර ලංකා වාර්තාවක් බිහි කිරීමට ඇය සමත් වී තිබේ.

හර්ෂනී ශෂිකලා කුමාරසිංහ ක්‍දපචදමබා උදපැබ අංශයෙන් දුනු විදීමේ ලෝක ශූරතාවලියට සහභාගි වන අතර ඇය 2010 ආසියානු සහ 2016 දකුණු ආසියානු තරගාවලි නියෝජනය කළ කී‍්‍රඩිකාවකි.

මෙම තිදෙනාට අමතරව දුනු විදීමේ ලෝක ශූරතාවලියේදී තරග විනිසුරුවරියක් ලෙස සුනේත‍්‍රා සෙනෙවිරත්න මහත්මිය ද ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් මෙවර තරගාවලියට සහභාගි වේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment