දුප්පත් ගොවි පවුල්වලට රු.30,000 බැගින්

53

අඩු ආදායම් ලාභී එක් ගොවි පවුලකට රුපියල් තිස්දහස බැගින් මෙවර යල කන්නයේ දී දීමනාවක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව දිස්ත්‍රික්ක හයකට අයත් ගොවි පවුල් හතළිස් අටදහසකට මෙසේ රුපියල් තිස්දාහක් වාරික දෙකක් යටතේ ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

අන්තර් ජාතික සහයෝගීතාව පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) මගින් මෙම මුදල් ආධාර ලබාදී තිබේ.

පසුගිය මහ කන්නයේ දී යූරියා පොහොර මිටියක් බැගින් ලබාදුන් ගොවි පවුල් සඳහා මෙම දීමනාව ලබා දෙයි. ඒ අනුව මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අම්පාර මඩකලපුව, හා මොනරාගල දිස්ත්‍රික්කවලට අයත් ගොවි පවුල්වලට මෙම දීමනාව හිමි වේ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment