දුප්පත් ගොවි පවුල් 365000කට නොමිලේ යූරියා මල්ලක්

165

වී වගා කරන අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට එළඹෙන යල කන්නයේදී නොමිලයේ බෙදා දීම සඳහා යූරියා පොහොර මලු තුන්ලක්‍ෂ හැටපන්දහසක් ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟත්වය පළකර තිබේ.

අඩු ආදායම්ලාභී එක් ගොවි පවුලකට යූරියා පොහොර මල්ලක් බැගින් පවුල් තුන්ලක්‍ෂ හැටපන්දහසකට මෙම පොහොර බෙදා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය නංවාලීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට ලෝක ආහාර සංවිධානය මෙරට විශේෂ ව්‍යාපෘති ගණනක් එළඹෙන මහ කන්නයේ ක්‍රියාත්මක කිරීමට එකඟත්වය පළකර තිබේ.

එමෙන්ම ලබන මාස් කන්නයේ කාන්තාවන් මූලික අඩු ආදායම්ලාභී පවුල් දාහතරදහසකට මුං වගාවට රුපියල් දහඅටදහස බැගින් (ඩොලර් 50ක) මුදලක් ලබා දීමට ද ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟතාව පළකර ඇත.

කාන්තාවන් මූලික අඩු ආදායම්ලාභී පවුල්වල ජීවන තත්ත්වය නැංවීමේ අරමුණින් එම සංවිධානය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ඇත. එමෙන්ම දැනට අත්හිටුවා තිබෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය මුංඇට, බඩඉරිඟු සහ සෝයා මාස් කන්නයේදී වගා කිරීමට ලබන මාස් කන්නයේදී ප්‍රමුඛත්වය ලබාදීමට ද තීරණය කර ඇතැයි ඇමැතිවරයා පැවසීය.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment