දුප්පත් දරුවන්ට ලැප්ටොප් අරන් රන්ජන් ඇමරිකාවේ සිට යළි එයි

57

මම දැන් නිදහස් මිනිහෙක් – රන්ජන් කියයි

ප්‍රවීණ සිනමා නළු රන්ජන් රාමනායක මහතා සිය ඇමෙරිකානු සංචාරය නිමා කර ඊයේ (20 දා) අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය.

එහිදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙසේ පැවසීය.

මම ඇමෙරිකාවේ ප්‍රසංග ගණනාවක් පවත්වමින් එරටේ සංචාරයක නිරත වුණා. මම ඒවායෙන් උපයාගත් මුදල්වලින් අපේ රටේ දුප්පත් දරුවන් සඳහා බෙදාදීමට ලැප්ටොප් පරිගණක තොගයක් මිලට ගත්තා. මීට අමතරව එරට කෝටිපතියන් පිරිසක් ද මට තවත් ලැප්ටොප් පරිගණක තොගයක් පරිත්‍යාග කිරීමට එකඟ වුණා. මීට අමතරව ඔවුන් මෙරට දුප්පත් දරුවන් සඳහා ඇඳුම් විශාල තොගයක් ද මට පරිත්‍යාග කළා. ඒවා සියල්ල කන්ටේනර් කීපයක බහා මේ වන විට ශ්‍රී ලංකාව බලා රැගෙන එමින් තිබෙනවා.

මම දැන් බැඳීම්වලින් තොර නිදහස් මිනිසෙක්. මෙම පරිත්‍යාගයන් දුප්පත් දරුවන් අතර බෙදා දෙමින් ඉදිරියේදී සමාජ සේවා කටයුතුවල නිරත වීමට බලාපොරොත්තු වනවා.

ඒ මහතා ඇමෙරිකාවේ සිට ඕමානය වෙත පැමිණ තිබූ අතර, 01/20 දින අලුයම 04.50 ට ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ. එල්. – 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment