දුප්පතුන්ට උදවු කරන්න – කාදිනල්තුමාගේ නත්තල් පණිවිඩය

249

බොරු ආටෝපවලට මුදල් නාස්ති කරමින් නත්තල වෙළෙඳ ආර්ථිකය පෝෂණය කිරීමට යොදා නොගෙන දිළිඳුන්ට උපකාර කරමින් නත්තල සමරන්නැයි කාදිනල් මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කිතුනු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

එළැඹි නත්තල් උත්සවය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත්කරමින් අගරදගුරුතුමා මෙසේද පවසයි.

අපි ක්‍රිස්තු භක්තිකයන් ලෙස ක්‍රිස්තුස්වහන්සේගේ උපත සිහිපත් කරන මේ අවස්ථාවේදී අපේ රටවැසියන් විශාල ප්‍රශ්න රාශියකට මුහුණදී සිටිනවා. ආර්ථික වශයෙන් රට දරුණු ඛේදවාචකයකට මුහුණදී තිබෙනවා. බොහෝ දෙනෙකුගේ ජීවිත අඳුරු කාලපරිච්ඡේදයකට ළඟාවී තිබෙනවා. එදිනෙදා සොයාගන්නා මුදල්වලින් බොහෝ දෙනෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමටත් නොහැකිවී තිබෙනවා.

දුප්පතුන්ට උදවු කරන්න - කාදිනල්තුමාගේ නත්තල් පණිවිඩය

එවැනි වටපිටාවක නත්තල බාහිර දේවල්වලින් පිරුණු උත්සවයක් ලෙස සැමරීම යෝග්‍ය වන්නේ නැහැ. ක්‍රිස්තුස්වහන්සේ දේශනා කර තිබෙන්නේ දිළිඳු ජනතාවට පිහිටවෙමින් එකිනෙකාට ප්‍රේමය පතුරන්න කියායි. ඒ අනුව මෙවර නත්තල අසරණයන්ට උපකාර කරමින් පුහු ආටෝපවලින් වැළකී ආගමානුකූලව ගතකරන මෙන් මා කිතුනු ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment