දුප්පතුන්ට බෙදන්න ඉන්දියාවෙන් දුන් සහල් තොගයක් වසර එකහමාරකට පසු වවුනියාවේ ගබඩාවකින් මතුවෙලා

76

අඩු ආදායම්ලාභීන් අතර බෙදාදීම සඳහා ඉන්දියාවෙන් ලබා දුන් සහල් කිලෝ 1275 ක් ජනතාවට ලබා නොදී වසර එකහමාරක් තිස්සේ වවුනියාව ආසිකුලම ප්‍රදේශයේ ගබඩාවක ගොඩ ගසා තිබියදී 1දා මහජනතාව විසින් සොයාගෙන තිබේ.

වවුනියාව ආසිකුලම ප්‍රදේශයේ වැසියන් පිරිසක් විසින් කළ සොයා බැලීමකදී මෙම සහල් තොගය හමු වී ඇති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැමිණිලි කොට තිබේ.

නිලධාරීන් තවත් රාජ්‍ය නිලධාරීන් පිරිසකට මේ බව දැනුම් දී අදාළ ගබඩාව පරීක්ෂා කළ අවස්ථාවේදී සඟවා තිබූ සහල් තොගය හමු වී තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම සහල් තොගය පරීක්ෂා කොට බැලීමේදී එම සහල් මිනිස් පාරිභෝජනයට නුසුදුසු බව වැටහී ගොස් තිබේ.

අදාළ සහල් තොගය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගෙන තිබේ.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment