දුප්පතුන් ආරක්‍ෂා කිරීම ජේසුස් වහන්සේ ගෞරවයෙන් පිළිගන්නවා හා සමානයි

95

අතිඋතුම් ෆ‍්‍රැන්සිල් ශුද්ධෝත්තම පාප් වහන්සේ කියති

 දුප්පතුන් ආරක්‍ෂා කිරීම ජේසුස් වහන්සේ ගෞරවයෙන් පිළිගන්නවා හා සමානයි යැයි අතිඋතුම් ෆ‍්‍රැන්සිස් ශුද්ධෝත්තම පාප් වහන්සේ පැවැසූහ.

 උන්වහන්සේ එසේ පැවසුවේ අසිරිමත් නත්තල උදාවීමත් සමඟ වතිකානුවේදී පැවැති දේව මෙහෙයේදීය. එහිදී පාප් වහන්සේ මෙසේද කීහ.

 ‘‘ජේසුස් වහන්සේ අපෙන් ඉල්ලා සිටින්නේ ජීවිතයේ සරල දේවල් අගය කරන ලෙසයි. අපි උත්කෘෂ්ඨ දේවල් බලාපොරොත්තු වන්නේ නැහැ. අපිට කවදාවත් තෘප්තිමත් කළ නොහැකි මැසිවිලි, තණ්හාව, අපි පසෙක තබමු. ජේසුස් වහන්සේ ඔබට ආදරය කිරීමට ඔබ වෙනස් විය යුතු නැහැ. ඔබ ඔබම වෙන්න. ඔබේ සරල බව මට මදිකමක් නැහැ. ඔබේ අසාර්ථකත්වය මට ප‍්‍රශ්නයක් නැහැ. ඔබේ දෙවියන් වහන්සේ වීමට සහ ඔබේ සහෝදරයා වීමට මම ඔබ වෙනුවෙන් සරල වුණා.

 මේ සරල බව පිලිගැනීමේ තවත් කරුණක් තිබෙනවා. ඒ දිලි`දු දුප්පත් ජනයා වෙනුවෙන් සේවය කිරීමට. මන්ද ජේසුස් වහන්සේ උත්පත්තිය ලැබුවෙත් දුප්පතුන් වටා. දුප්පතුන් ආරක්‍ෂා කිරීම ජේසුස් වහන්සේ ගෞරවයෙන් පිලිගන්නවා හා සමානයි.

 මේ අසිරිමත් රාත‍්‍රියේ අපිට එකම බියයි තිබිය යුත්තේ. එනම් අපේ බලපුළුවන්කාරකම් නිසා නැති බැරි දුප්පතුන් පීඩාවට පත් කිරීමෙන් දෙවියන් වහන්සේගේ ආදරයට අගෞරවයක් සිදුවේවියි කියන බිය. ජේසුස් වහන්සේ දිළි`දුන්ට වඩාත් ආදරය කරන සේක.

advertistmentadvertistment
advertistmentadvertistment