දුබලතා සහිත ළමුන් අවතක්සේරුවට ලක් කළේ යැයි ඔස්‌ට්‍රේලියානු අගමැතිට චෝදනා  

313

තමාට දුබලතා සහිත ළමයෙකු නොසිටීම ආශිර්වාදයක් බවට මැතිවරණ විවාදයකදී ප්‍රසිද්ධියේ පවසා සිටි ඔස්‌ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් හට එරට විපක්ෂයෙන් හා සමාජයේ විවිධ අංශ වලින් දැඩි විවේචන එල්ල වී තිබේ. ලබන මැයි මස ඔස්ටේ්‍රලියාවේ පැවත්වෙන මහා මැතිවරණයට අදාළව ඔස්‌ට්‍රේලියානු කම්කරු පක්ෂයේ නායක ඇන්තනි ඇල්බනීස් සමග පැවති මැතිවරණ විවාදයකදී ඔට්සම් රෝගයෙන් පෙළෙන දරුවෙකුගේ මව විසින් කම්කරු පක්ෂ නායකයාගෙන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දීමට ගිය ඔස්‌ට්‍රේලියානු අගමැතිවරයා දුබලතා සහිත ළමුන් අවතක්සේරු කරමින් කථා කිරීම සම්බන්ධයෙන් සමාජයෙන් මෙසේ දැඩි විවේචන එල්ල වී තිබේ.

අදාළ විවාදයේදී ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවෙකු සිටින මවක් තමා කම්කරු පක්ෂයට මෙවර ජන්දය දීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් එම පක්ෂයේ රජයක් යටතේ දුබලතා සහිත ළමුන් වෙනුවෙන් පවතින රක්ෂණ ක්‍රමයේ අනාගතය කෙබඳු දැයි විමසා ඇති අතර එයට පිළිතුරු දීම ඇරඹු අගමැති මොරිසන් විසින් පවසා ඇත්තේ තමාට හා තම බිරිය වන ජෙනී ට දරුවන් දෙදෙනෙකු සිටියද ඔවුන්ට දුබලතාවයක් නොපැවතීම තමා හා බිරිය ලැබූ ආශීර්වාදයක් බවයි මෙහිදී අගමැතිවරයා ආශිර්වාදයක් යන වදන යොදා ගැනීම බොහෝ දෙනාගේ විවේචනයට හේතු වී ඇති අතර එයට පිළිතුරු වශයෙන් අගමැති මොරිසන් පවසා ඇත්තේ තමා එය පැවසුවේ හොඳ විශ්වාසයකින් යුතුව බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment