“දුම්රිය 108 නැවතුනේ සෞඛ්‍ය උපදෙස් මත” – දුම්රිය සාමාන්‍යාධිකාරි කියයි

295

ඇඳිරිනීතිය ඉවත් කළ පසුව දුම්රිය 108 ක් ධාවනය කිරීමට සූදානම්ව සිටියද සෞඛ්‍ය උපදෙස් මත දුම්රිය ධාවනය නැවත ඇරඹීම කල් දැමීමට සිදුවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

එසේ නොමැතිව වෙනත් බාධකයක් නැති බවද කී දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඕනෑම අවස්ථාවක දුම්රිය ධාවනයට සියලූ කටයුතු සූදානම් කර ඇතැයි ද කියා සිටියේය. එහිදී ධම්මික ජයසුන්දර මහතා මෙසේ ද පැවසීය.

අපි දුම්රිය 108 ක් ධාවනය කිරීමට සූදානම් වුණා. අලූත් කාලසටහන් හැදුවා. ශීඝ‍්‍රගාමී දුම්රිය ලෙස ධාවනයටත් කාලසටහන් සකස් කළා. ඒත් රජය උපදෙස් දුන්නා දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීම ප‍්‍රමාද කරන්න කියලා.

දුම්රිය ධාවනය සති දෙකකට කල් දැම්මේ ඒකයි. දුම්රිය මාර්ගයන්හි ගස් කොලන් වැවී අවහිර වෙලා කියපු කතාව සම්පූර්ණ බොරු. පසුගිය කාලයේත් දුම්රිය අටක් ධාවනය කළා. ඇඳිරිනීතිය කාලයේදී අපි දුම්රිය කිහිපයක් මාතර, අනුරාධපුර, ති‍්‍රකුණාමලය, මඩකලපුව, මීගමුව ආදී ප‍්‍රදේශවලට ධාවනය කරවූවා. ඒ නිසා දුම්රිය ගමනාගමනයට බාධාවක් තිබුණේ නෑ. රජය කියන ඕනෑම මොහොතක දුම්රිය ධාවනය කරන්න අපි සූදානම්.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment