දුම්කොළ සමාගම ජනසතු කරන්න: සිගරැට් අරක්කු බදු තව වැඩි කරන්න – වාසු අගමැතිට ලියයි

124

මධ්‍යසාර හා දුම්කොළ බදු වැඩිකර නිසියාකාරව බදු අයකර ගැනීමට කටයුතු කරන්නැයි ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබේ.

දුම්කොළ සමාගමේ අයිතියෙන් සියයට අනූවක් විදේශීය සමාගම් සතුව ඇති බවත් එබැවින් ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස හා රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමේ ක‍්‍රමෝපායක් ලෙස එම සමාගම ජනසතු කරන ලෙසත් වාසුදේව නානායක්කාර ඇමැතිවරයා අගමැතිවරයාට යෝජනා කර තිබේ.

රජයට විශාල ආදායමක් ලබාදුන් ස්කාගාර සංස්ථාවද පෞද්ගලිකකරණය කිරීම නිසා එම ආදායමද අහිමි වූ බැවින් එම ආයතනයද ජනසතු කරන්නැයි නානායක්කාර මහතා වැඩිදුරටත් අගමැතිවරයාට යෝනජා කර තිබේ. එම ලිපියේ පිටපතක් අමද්‍යප සභාවේ නියෝජ්‍ය ලේකම්වරයා වෙතද යොමුකර ඇත.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment