දුම්බොන අයට කොරෝනාවෙන් පෙම් හසුන්

501

දුම්පානය කරන පුද්ගලයින් කොරෝනා රෝගයට ගොදුරු වීමේ වැඩි ප‍්‍රවණතාවක් ඇති නිසා දුම්පානයෙන් වැළකී සිටින්නැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පැවසීය.

දුම්වැටි සහ මද්‍යසාර අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් නොවන නිසා කොරෝනා වසංගතයේ පළමු රැුල්ල ආරම්භයේදීම වසරකින්වත් මේවා තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි බව ද ඒ මහතා ඊයේ (01 දා) සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් අතරින් දුම්කොළ හා මද්‍යසාර භාවිතා කරන පුද්ගලයන් සංකූලතාවයට පත් වීම සහ මිය යෑමේ සම්භාවිතාවයේ වැඩි වීමක් දක්නට ලැබෙන බවත් ඒ මහතා කීය.

දුම්වැටි අලෙවියෙන් වසරකට ජාතික ආදායමට සියයට පහක් සහ මද්‍යසාර අලෙවියෙන් ජාතික ආදායමට සියයට හයක් ලෙස ලැබුණත් මේවා භාවිතා කර රෝගීන් වන පිරිසට සෞඛ්‍ය පහසුකම් ලබාදීමට ලැබෙන ආදායමට වඩා වැඩි වියදමක් රජයට දරන්නට සිදු වී තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment