දුම්රියට අදත් ටිකට් නෑ – තීරණය අද සාකච්ඡාවෙන් පසු

168

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් කි‍්‍රයාත්මක කරනු ලැබූ ප‍්‍රවේශපත‍්‍ර නිකුත් නොකිරීමේ වෘත්තීය කි‍්‍රයා මාර්ගය අද (27 දා) දිනයේත් කි‍්‍රයාත්මක බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා ‘දිවයින’ට පැවැසීය.

 කෙසේ වෙතත් අද පෙ.ව. 10.00 ට දුම්රිය සාමාන්‍යාධිකාරි ඇතුළු නිලධාරීන් සමග විශේෂ සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිත අතර එහිදී සිය ගැටලූවලට යහපත් ප‍්‍රතිචාර ලැබුණහොත් අද දහවල් වන විට වෘත්තීය කි‍්‍රයා මාර්ගය අවසන් කිරීමට හැකිවෙනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය.

 දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් පසුගිය 22 දා පාර්සල් භාර ගැනීම නතර කිරීමෙන් ආරම්භ කළ වෘත්තීය කි‍්‍රයා මාර්ගය පසුගිය සිකුරාදා ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීමෙන් වැළකීම දක්වා දීර්ඝ කෙරිණි.

 මේ අතර ඊයේ (26 දා) මධ්‍යම රාති‍්‍රයේ සිට සියලූම රාජකාරිවලින් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් කලින් තීරණය කර තිබුණද අද පෙරවරුවේ සාකච්ඡුාවෙන් විසඳුමක් ලැබේ යැයි බලාපොරොත්තුවෙන් එම කි‍්‍රයා මාර්ගය කල්දැමූ බව සුමේද සෝමරත්න මහතා වැඩිදුරටත් කීය.

 අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment