දුම්රියට කෝටි 11ක පොල්ලක්

169

දුම්රිය මගින් භාණ්ඩ ප්‍රවාහනය කිරීම වෙනුවෙන් ආයතන 31කින් දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබිය යුතු රුපියල් කෝටි 11කට අධික මුදලක් (රුපියල් 118,934,728) අය කරගැනීමට නොහැකි වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාළ නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාව මගින් අනාවරණය කර ඇත.වසර ගණනාවක සිට ලැබිය යුතු මෙම හිඟ මුදල් නිරවුල් කරන මෙන් අදාළ ආයතන වෙත දුම්රිය දෙපාර්තමේන්තුව මගින් යවන ලද ලිපි එවැනි ආයතනයන්හි නොමැති බව දන්වා නැවත හරවා එවා ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.භාණ්ඩ ප්‍රවාහනය කිරීමෙන් ආයතන 16කින් ලැබිය යුතු රුපියල් 20,307,403ක මුදල වසර 20ක කාලයක සිට හිඟ මුදල් වශයෙන් පවතින බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.එමෙන්ම මෙම ආයතන වර්ෂ ගණනාවක සිට වෙළෙඳ බිල්පත් ක්‍රමය යටතේ භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් ක්‍රියාත්මකව නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව අදාළ හිඟ මුදල අය කරගැනීමට නොහැකි වී ඇත.

ලලිත් චාමින්ද
 

advertistmentadvertistment
advertistmentadvertistment