දුම්රියට ගිය අවුරුද්දේ බිලියන 10.3 ක පාඩුවක්

97

ශ්‍රී ලංකා දුම්රිය සේවය 2021 වර්ෂයේදී රුපියල් බිලියන 10.3 ක පාඩුවක් ලබා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2021 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.

එම වාර්තාවට අනුව 2020 වර්ෂයේදී ශ්‍රී ලංකා දුම්රිය සේවය රුපියල් බිලියන 10.1 ක අලාභයක් වාර්තා කර තිබිණි. මගී ප්‍රවාහනයෙන් ඉපයූ ආදායම සියයට 53.0 කින් පහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව ද මහ බැංකු වාර්තාවේ දැක්වෙයි. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ආදායම 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේදී රුපියල් බිලියන 2.7 දක්වා සියයට 41.3 කින් සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව ද මහ බැංකුව සඳහන් කරයි.

මෙකී ආදායම පහළ යෑම සඳහා අප්‍රේල් හා අගෝස්තු යන මාසවලදී කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබිණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment