දුම්රියට තෙල් තිබෙන්නේ තව දින 3 කට

362

ඉන්ධන අර්බුදය හේතුවෙන් දුමිරිය ධාවනයට අවශ්‍ය ඉන්ධන තවත් ඇත්තේ දින 3කට පමණක් බව දුම්රිය එන්ජින් රියැදුරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා ‘‘දිවයින’’ට ඊයේ (01 දා) පැවැසීය.

පවතින අර්බුදයත් සමග දුම්රිය ධාවනය සීමා කරන ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුවට යෝජනා කර ඇතැයිද හෙතෙම කීය.

ඉන්දික දොඩම්ගොඩ මහතා මෙසේද කියා සිටියේය.

ඛනිජ තෙල් සංස්ථාවෙන් තෙල් ලබාදීම විධිමත්ව සිදුවෙලා නැති නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට තෙල් ලබා ගැනීම ප‍්‍රමාද වී තිබෙනවා. ඒ අනුව දුම්රිය ධාවනයට තෙල් ඉතුරු වෙලා තියෙන්නේ තවත් දවස් දෙක තුනකට විතරයි. දුම්රිය ධාවනය කිරීම යම් සීමාවකට යන්න වේවි. එහෙම නැතිවුණොත් සමස්ත දුම්රිය ධාවනයම එකවර ඇනහිටීවී. මේ ගැන දුම්රිය බලධාරීන් අවධානය යොමු කළ යුතුයි.

මේ පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතාගෙන් විමසූවිට මෙසේ පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන්ධන සම්බන්ධයෙන් කිසිම ගැටලූවක් මතුවෙලා නැහැ. සංස්ථාවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට දිනපතා තෙල් ලැබෙනවා. ඒ නිසා දෛනිකව දුම්රිය ධාවනය වෙනවා. මගී ජනතාවට කිසිදු අපහසුතාවයක් සිදුවෙන්නේ නැහැ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment