දුම්රියෙන් ඉන්දියාවට භාණ්ඩ අපනයනයට බංග්ලාදේශය සැරසෙයි

185

බංග්ලාදේශ ප්‍රථම වරට දුම්රිය මගින් ඉන්දියාවට භාණ්ඩ ප්‍රවාහනය කිරීමට.සූදානම් වන බව එරට රජය පවසයි. බංග්ලාදේශයේ භාණ්ඩ ඉන්දියාවට ආනයනය සම්බන්ධයෙන් පැවති තහනම ඉන්දීය රජය ඉවත් කිරීමත් සමග මෙලෙස භාණ්ඩ ප්‍රවාහනය සඳහා තීරණය කර ඇත.ඉන්දියාව බංග්ලාදේශ ව්‍යාපාරිකයින් සිය වරායන් හරහා වෙනත් රටවලට භාණ්ඩ අපනයනය සදහාත් අවසර ලබා දී තිබේ.මෙම අවසරයත් සමග ඉන්දියාවට භාණ්ඩ අපනයනය ඉදිරි මාස කිහිපය තුළ දුම්රිය මගින් ආරම්භ කරන බව බංග්ලාදේශ එරට දුම්රිය දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සර්ධා ෂහදත් අලි සදහන් කරයි.ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ප්‍රවාහන දුම්රිය ධාවනය 1972 වසරේ දී ආරම්භ වී ඇත.මගී දුම්රිය සේවා 2008 වසරේ සිට ආරම්භ කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment