දුම්රියෙන් වැටුණු ප‍්‍රංශ යුවතියගේ සුවදුක් බලන්න යුද හමුදාව රෝහලට යයි

1129

බදුල්ල දුම්රියේ ගමන් කරද්දී හදිසි අනතුරකට පත්වූ ප‍්‍රංශ යුවතියගේ සුවදුක් විමසීම සඳහා ශී‍්‍ර ලංකා යුද හමුදාවේ නිලධාරීහු දෙදෙනෙක් දියතලාව මූලික රෝහලට ගියහ. ඇගේ සුවදුක් සොයා බලා ඇයට අවශ්‍ය ආහාර හා උපකරණද පිරිනැමීමට හමුදා නිලධාරීන් කටයුතු කර තිබිණි.

 ශී‍්‍ර ලංකා හමුදාවේ මෙම කි‍්‍රයා කලාපය සමාජ මාධ්‍යයන්හි බෙහෙවින් අගය කිරීමට ලක්විය. 26 හැවිරිදි සැලීනා සොලොහේනේගේ සුවදුක් බැලීම සඳහා ගොස් සිටියේ කර්නල් කුමුදු වඩුගොඩ හා මේජර් අසිත රණතිලක යන මහත්වරුය.

advertistmentadvertistment
advertistmentadvertistment