දුම්රියේ ගැටී තරුණයෙක් මරුට

215

රත්ගම පොලිස් වසමේ විජයරත්න මාවත ප්‍රදේශයේ පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී දුම්රියේ ගැටී තරුණයෙක් අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.ගාල්ල දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවනය වූ දුම්රියේ ගැටුණු තරුණයා බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇතැයි පොලිසිය පවසයි .එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 22ක් වු ගම්මැද්දෙගොඩ, රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment