දුම්රියේ දරුවා දමා ගිය යුවල යුග දිවියට

1008


මීනගයා දුම්රියේ දරුවෙකු අතහැර දමා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුවළ ඇපමත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත.

අදාළ නඩුව අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගනු ලැබීය.

දරුවාගේ මව්පියන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥන් අධිකරණයට දැනුම්දී ඇත්තේ ඇප ලැබීමෙන් පසුව අද දිනය තුළදී ඔවුන් දෙදෙනා විවාහ කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවය.

බණ්ඩාරවෙල පරිවාස නිලධාරී විසින් සිදුකළ ඉල්ලීමකට අනුව දරුවාගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීම සලකා බලමින් අධිකරණය විසින් දරුවාව නැවත එම මව්පියන් වෙත භාරදෙන ලෙසට ද අධිකරණය නියෝග කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment