‘දුම්රියේ යන ගමන් පොත් කියවමු’ බහුතරයක් විදේශිකයන්ගේ හිතගිහින්

144

‘දුම්රියේ යන ගමන් පොත් කියවමු’ යන මැයෙන් පුස්තකාල සේවානව වැඩ සටහනක් ඌව පළාත් පුස්තකාල සේවා මණ්ඩලය පසුගියදා ආරම්භ කළ බව එහි අධ්‍යක්ෂ අසිත ජයසුරිය මහතා පැවසීය. මේ වන විට බදුල්ල, දෙමෝදර, ඇල්ල, බණ්ඩාරවෙල, දියතලාව, හපුතලේ සහ ඔහිය යන දුම්රි ස්ථානවල පුස්තකාල හතක් ස්ථාපිත කළ බව අසිත ජයසුරිය මහතා පැවැසීය. මගීන්ට දුම්රිය ස්ථානවල ඇති මෙම පුස්තකාලවලින් පොත් ලබා ගෙන කියවා ගමනාන්තයේ දී දුම්රිය ස්ථානයකට බාර දීමට අවස්ථාව උදාකර ඇතැයි ඔහු පැවසීය. ඇල්ල දුම්රිය ස්ථානයේ ඇති පුස්තකාලය විදේශිකයින් අතර වඩාත් ජනප්‍රියයි. ඔවුන් ලබාගන්නා පොත් දිවයිනේ රැඳී සිටින කාලය තුළ කියවා දිවයිනෙන් බැහැර යන අවස්ථාවේදි නැවත දුම්රිය පළකට බාර දෙන්න පුළුවන්. සිංහල – දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් යුතු පොත් මේ පුස්තකාලවල තියෙනවා යැයිද ඔහු වැඩිදුරටත් කීය.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment