දුම්රියේ හැපී සිසුන් දෙදෙනෙක් මරුට

462

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී දුම්රිය මාර්ගය හරහා මාරුවෙමින් සිටි උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයක සිසු සිසුවියන් 12 දෙනකුගෙන් දෙදෙනකු අද උදේ 11.00 ට පමණ දුම්රියක හැපී ජීවිතක්ෂයට පත්වී තිබේ.කොළඹ කොටුව දෙස සිට කළුතර දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියක මෙලෙස හැපී මියගොස් ඇත්තේ සිසුවෙක් සහ සිසුවියකි.අනතුරින් තුවාල ලැබූ තවත් සිසුවෙක් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.අනෙක් දරුවන් දුම්රිය මාර්ගයෙන් ඉවතට පැන දිවි බේරාගෙන තිබේ.මෙම දරුවන් ජංගම දුරකථන හෑන්ඩ් ෆ්‍රී කනේ ගසාගෙන දුම්රිය මාර්ගය හරහා මාරුවෙමින් සිටියදී දුම්රියේ හැපී ඇතිබව කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක බන්දුල ජයසිංහ මහතා පැවැසීය.මෙම සිසු සිසුවි⁣යන් අද උදේ දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීමට යමින් සිටියදී ⁣මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment