දුම්රිය අද සිට දුවයි ටිකට් නෑ: සීසන් පමණයි

130

දුම්රිය ධාවනය යළි අද (25 දා) සිට ඇරඹෙන අතර  පසුගිය අගෝස්තු මස ලබාගත් වාර ප‍්‍රවේශපත‍්‍ර වලින් දුම්රියන්හි ගමන් කළ හැකි බව එම දෙපාර්තමේන්තුව කියා සිටී.

ඒ අනුව පුද්ගලික අංශයේ අගෝස්තු මස වාර ප‍්‍රවේශපත‍්‍ර හිමි මගීන් මෙන්ම රාජ්‍ය අංශයේ අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසයන්හි වාර ප‍්‍රවේශ පත‍්‍ර හිමි අයට එම ප‍්‍රවේශ පත‍්‍ර පෙන්වා ගමන් කළ හැකිවේ.

අද සිට ලබන 31 දා දක්වා එම ප‍්‍රවේශපත‍්‍රවලින් ගමන් කළ හැකි අතර වෙනදා මෙන් මුදල් දී ලබාගත හැකි ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් නොකරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටී.

අත්‍යවශ්‍ය සේවා සඳහා යන මගීන්ට පමණක් දුම්රිය ධාවනය සිදුවන බැවින් අනෙකුත් මගීන් නොපැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව කියයි.

අද සිට දිනපතා දුම්රිය ගමන් 133 ක් සිදුවන බවද දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටී.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment