දුම්රිය අධිකාරියක් කළොත් නොදන්වාම වෘත්තීය ක්‍රියාමාර්ගවලට – වෘත්තීය සමිති ඇමැතිට දන්වයි

139

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විනාශ කර ඇති ආකාරයටම දුම්රිය සේවය විනාශ කරලීමට දුම්රිය දෙපාර්තමේන්තුව ‘අධිකාරියක්’ බවට පත් කළහොත් කිසිදු දැනුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ලිපියක් මගින් ඊයේ (12 දා) ප්‍රවාහන ඇමැතිවරයාට දැනුම් දී තිබේ.

දුම්රිය අධිකාරිය පිහිටුවා, වරාය අධිකාරිය මෙන් ලාභ ලබන, මගී ජනතාවට වඩා හොඳ දුම්රිය සේවයක් ලබාදෙන බව ප්‍රකාශ කරන ඔබතුමා, දුම්රිය සේවකයන්ගේ සුබසාධනය වැඩි කරන බවත් ප්‍රකාශ කර ඇත. මගී ජනතාව සහ දුම්රිය සේවකයන් ඇන්දවීමට ඔබතුමා දරන ප්‍රයත්නය අප තරයේ හෙළා දකිමු. දුම්රිය දෙපාර්තමේන්තුව විනාශ කරනු ලැබුවේ දුම්රිය සේවකයන් හෝ මගී ජනතාව නොවේ. සෑම ආණ්ඩුවකම ඇමැති ධුර දරන ඔබතුමාත්, එම ආණ්ඩුත් දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිහානියට එක එල්ලේම වගකිව යුතුය. එමෙන්ම දූෂිත, අකාර්යක්ෂම හා අවිධිමත් කළමනාකරණය හා දුම්රිය බලධාරීන් ද එහි වගඋත්තකරුවෝ වෙති යැයිද එහි දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment