දුම්රිය අධිකාරියක් කළොත් වෘත්තීය සටන්

123

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්. පී. විතානගේ මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

දුම්රිය සේවකයන්ගෙන් කිසිදු විමසීමක් නොකර ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කිරීමට සැලසුම් කරමින් සිටින බවද ඒ මහතා කීවේය.

මීට පෙරත් දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කරන්න උත්සාහ දැරුවා. නමුත් ඒ සියලු බලවේග අපි පරාජයට පත් කළා. දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කිරීමෙන් වෙන්නේ ලංගමය වගේ දුම්රිය දෙපාර්තමේන්තුවත් විනාශ වෙලා යෑම යැයිද විතානගේ මහතා වැඩිදුරටත් පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment