දුම්රිය ආසන කලින් වෙන් කිරීමේ ගාස්තු සියයට 30කින් ඉහළට

274

දුම්රිය ආසන කලින් වෙන් කිරීමේ ගාස්තු හෙට (01 දා) සිට සියයට තිහකින් ඉහළ දමන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා නිවේදනය කරයි.

කෙසේ වෙතත්, සාමාන්‍ය දුම්රිය ගාස්තු, පාර්සල් ප්‍රවාහන සහ අනෙකුත් ගාස්තු ඉහළ දමා නැත.

ඉහත ගාස්තු ඉහළ දැමීමත් සමග කොළඹ කොටුව සිට බදුල්ල දක්වා කලින් ආසන් වෙන් කිරීමේ නව ගාස්තු තෙවන පංතිය සඳහා රුපියල් 1000ක් ද දෙවැනි පංතිය 1500ක් ද පළමු පංතිය 2500ක් ද වශයෙන් ඉහළ නංවා ඇත.

රාත්‍රී තැපැල් දුම්රිය ගාස්තුව ද ඉහත ආකාරයට වැඩි වේ.

එම ආකාරයට කොළඹ, මහනුවර, කන්කසන්තුරේ, මඩකලපුව, බෙලිඅත්ත, ත්‍රීකුණාමලය, මන්නාරම යන දුරගමන් සේවාවන්හි සහ රාත්‍රී තැපැල් දුම්රිය ද අදාළ ගාස්තු ඉහළ දමා තිබේ.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment