දුම්රිය ගාස්තු ඉහළ දැමීම අත්හිටුවයි

240

උඩරට දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට අදාළව දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ (24 දා) නිකුත් කළ නිවේදනය ප‍්‍රවාහන අමාත්‍ය දිලූම් අමුණුගම මහතා විසින් අත්හිටුවා තිබේ.

මේ සම්බන්ධව සිදුවන සාකච්ඡුා අවසන් නොමැති බවත් ඒ සම්බන්ධ අවසන් එකඟතාවකට පැමිණි පසු සඳුදා (28 දා) සිට නගරාන්තර දුම්රිය ගාස්තු සංශෝධනයක් සිදුවිය හැකි බවත් ඇමැතිවරයා දැනුම්දී සිටී.

නමුත් දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ (24 දා) නිකුත් කළ නිවේදනයකින් කියා සිටියේ උඩරට දුම්රිය සහ උතුරු දුම්රිය මාර්ගවල දුම්රිය ගාස්තු සංශෝධනය කළ බවයි. ඒ අනුව කොළඹ සිට උඩරට දුම්රිය ගාස්තු පළමු මැදිරිය රුපියල් 1000 ක් ද, දෙවැනි මැදිරිය රුපියල් 500 ක් ද තුන්වැනි මැදිරිය රුපියල් 300 ක් වන බවද සඳහන් කර තිබිණි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment