ඉන්ධන වියදම රුපියල් බිලියන 04 සිට බිලියන 10 දක්වා වැඩිවී ඇති නිසා දුම්රිය ගාස්තුවේ සංශෝධනයක් වියයුතු බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ‘දිවයින’ ට ඊයේ (08දා) පැවැසීය.
දැනට බස් ගාස්තුවෙන් හතරෙන් එකක් දුම්රිය ගාස්තුව ලෙස අයකරන බවත් එය වර්තමානයේ ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවත් ඔහු කීය.
දැනට ධාවනය කරන කිසිම දුම්රියක් ලාභ නොලබන බවත් දුම්රිය මගින් බදුල්ලට ඉන්ධන ප්‍රවාහනයට ලක්ෂ 10 ක වියදමක් වැයවූවත් දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන් ලැබෙන්නේ ලක්ෂ දෙකහමාරක් බවත් ඒ මහතා පැවැසීය.
දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණයක් ගතයුතු බවත්, දුම්රිය ගාස්තු සංශෝධනය කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබෙන බවත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවැසීය.
චමින්ද සිල්වා