දුම්රිය ගාස්තු සංශෝධනය කල් යයි

127

දුම්රිය ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මක කළ නොහැකි බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.ගැටලු කිහිපයක් නිරාකරණය කර ගැනීමට ඇති නිසා මෙලෙස දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට නොහැකි බව එම සංගමය සදහන් කරයි.බස් ගාස්තු මෙන් අඩකින් දුම්රිය ගාස්තු ඉහළ දැමීමට ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.එම ගැසට් නිවේදනය අනුව අද සිට දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment