දුම්රිය ගැටීම් වළක්වන පද්ධතියේ සංඥාවලට බාධා පමුණුවා ඇතැයි හෙළිවේ

457

දුම්රිය ඇමැති අනාවරණය කරයි
ඉන්දීය දුම්රිය අනතුර

මගීන් 275 ක් මරුමුවට පත්කරමින් ඉන්දියාවේ ඔඩිස්සාහි සිදුවූ දුම්රිය අනතුරට හේතුවූයේ සංඥා පද්ධතියට බාධා පැමිණවීම නිසා බව හෙළිවී ඇත.

මේ නිසා පරීක්‍ෂණ පැවැත්වීම රහස් පොලිසියට පවරා තිබේ. ඉන්දීය දුම්රිය ඇමැති අශ්චින් චශාන් පැවසුවේ දුම්රිය ගැටීම් වළක්වන අගුල් දැමීමේ පද්ධතිය ගැන වහාම දන්නා පාර්ශ්ව මෙය සිදුකර ඇති බවයි.

මෙම දුම්රිය ගැටුමට මුල්වූ කොරිටොන්ඩල් එක්ස්ප්‍රස් ශීඝ්‍රගාමී දුම්රියේ රියදුරු ගුණානිද් මෝගන්ති මියයාමට පෙර ලබාදුන් කටඋත්තරයේ සඳහන් වූයේ තම දුම්රියට ඉදිරියට ඒමට කොළ සංඥාව දැල්වී තිබූ බවයි. කොරිටොන්ඩල් දුම්රියේ සහායක දුම්රිය රියදුරුද මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර ඇත. දුම්රිය ගැටීම් වළක්වන පද්ධතිය තුළ තාක්‍ෂණික දෝෂයක් සිදුවන්නේ කලාතුරකින් බව පැවසූ දුම්රිය ඇමැතිවරයා මෙය එවන් සිද්ධියක් නොවේ යයි පළ කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment