දුම්රිය ගැටුමින් ගැබිණි මවත් මිය යයි

399

ගාල්ල, මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇගවිමේ සංඥා දැල්වෙමින් තිබියදි කාර් රථයක් දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරිමේ දි මාතර සිට වවුනියාව බලාධාවනය වෙමින් තිබු දුම්රියේ ගැටිමෙන් රථයේ ගමන් ගත් හත් හැවිරිදි දැරියක් සහ ගැබනි මවක් මියගොස් පස් දෙනෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

අද (18) පෙරවරු 10.20ට පමණ මෙම අනතුරවි ඇත. මියගොස් ඇත්තේ කේ.එල්.එස් ෂාඩිලා හංසි නැමති ගැබනි මවක් හා එල් යු දිසානායක (07) නැමති දැරියකි. ගැබිණි මව නො 376 පුබුදු උයන, කිරිවත්තුඩුව හෝමාගම ප්‍රදේශයේ පදිංචිකාරියකිග අනික් තුවාලකරුවන් මකුළුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.

කාර් රථයේ පවුල් කිහිපයක ඥාතින් 07 දෙනෙකු ගමන්කොට ඇත. ඔවුන් පිළියන්දල ප්‍රදේශයේ පැවැත්වෙන මංගල උත්සවයකට සහභාගිවිම සදහා කාර්රථයෙන් ගමන් කරමින් සිට ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment