දුම්රිය ටිකට් නොදීමෙන් දිනකට මිලියන 5 ක පාඩුවක්

95

දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් දිනකට දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන පහක පමණ අලාභයක් සිදුවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ‘දිවයින’ට කීවේය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් පෙරේදා (23 දා* මධ්‍යම රාතී‍්‍ර සිට ආරම්භ කරන ලද වර්ජනය හේතුවෙන් සිදුවන මෙම අලාභය සම්බන්ධයෙන් වර්ජනයට එරෙහිව වින්‍යානුකූලව කි‍්‍රයාකිරීමට දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

මෙම වර්ජනයට හේතු වූ කරුණු 25 කින් කරුණු 20කට පමණ විසඳුම් ලබාදීමට ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු බලධාරීන් සූදානම් වුවද දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊට එකඟ නොවූ බවද ඒ මහතා කීය.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ ප‍්‍රවේෂ පත‍්‍ර නිකුත් නොකිරීම නිසා දිනකට රුපියල් මිලියන අටකට අධික පාඩුවක් සිදුවන බවය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment