දුම්රිය ධාවනය හෙට උදේ අටෙන් පසු

218


ඇඳිරිනීතිය හේතුවෙන් අත්හිටුවා තිබූ සාමාන්‍ය දුම්රිය ධාවනය හෙට පෙරවරු 8.00 න් පසු නැවත ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි. දුර ගමන් සේවා දුම්රිය ධාවනය සිකුරාදා ආරම්භ වන බවද සඳහන් කරයි.

හෙට පෙරවරුවේ ධාවනය කරන දුම්රිය කිහිපයක් පමණක් ධාවනයට එක් නොවේ.පෙරවරු 7.00 න් පසු දුම්රිය පාරිභෝගික සේවා ක්ෂණික දුරකථන අංක 1971 යට අමතා වැඩි විස්තර ලබාගතහැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment