දුම්රිය ප්‍රධාන නියාමකවරයෙක් දුම්රියෙන් ඉවතට විසිවේ

270


අද උදෑසන කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන දුම්රියේ ප්‍රධාන නියාමක 55 හැවිරිදි කේ.එස් රංජිත් මහතා දුම්රියෙන් ඉවතට විසිවී ඇත. ගනේමුල්ල – බුලුගහගොඩ යන දුම්රිය ස්ථාන අතර දී එම අනතුර සිදුව තිබේ. දුම්රිය සංඥා පරීක්ෂාකිරීමේ යෙදී සිටියදී ඔහු මෙලෙස අනතුරට ලක්ව ඇත. තුවාල ලැබූ දුම්රිය නියාමකවරයා මේවන විට රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. සිදුවූ අනතුරක් හේතුවෙන් එම දුම්රිය මේ වනවිට ගම්පහ දුම්රිය ස්ථානයේ නවත්වා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment