දුම්රිය ප්‍රමාදය ජනවාරි දක්වා

175

මේ වනවිට දිගින් දිගටම සිදුවන දුම්රිය ප්‍රමාදයන් අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ලබන වසරේ (2023) ජනවාරි මස දක්වා කල්ගත වනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසීය.

දුම්රිය මාර්ග දැඩි ලෙස අබලන් වීම සහ එම නිසා වේගසීමා පැනවීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයන් මෙන්ම අවලංගුවීම් මේ දිනවල බහුල වශයෙන් සිදුවේ.

විශේෂයෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයෙහි මෙම ප්‍රමාදවීම ඉතා වැඩි වශයෙන් සිදුවෙයි. ඊට හේතුව වී ඇත්තේ මුහුදු ජලයට දුම්රිය මාර්ග මලකඩ කෑම නිසා අබලන් වීම බවද ඉහත නිලධාරියා සඳහන් කළේය.

දැනට පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් රේල් පීලි ගෙන්වීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති අතර ලබන ජනවාරි වනවිට අලුත්වැඩියා කටයුතු සඳහා යාපනය මර්ගයේ රේල් පීලි ගලවා ඉවත් කරන බැවින් එම රේල් පීලි මුහුදුබඩ මාර්ගයට යොදාගැනීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

එබැවින් එම රේල් පීලි ලැබෙන තෙක් දැනට සිදුවන දුම්රිය ප්‍රමාදයන් පාලනය කිරීමට නොහැකි බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment